sajith

අවස්ථාවාදී තීන්දු තීරණ බැහැර කොට ජාතික අවශ්‍යතාවයට ප්‍රමුඛස්ථානය ලබා දී තින්දු තීරණ ලබා ගන්න කාලයක අපි සියලු දෙනාම සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද දවසේ අවනීතිය, අයුක්තිය, අසාධාරණත්වය රජ වෙලා තියෙන බවත් දුර්වල නායකත්වයක් තුළ මේ රටේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

උද්ධමනය අහස උසට ගොස් ඇති අතර, රැකියා පෝලිම දිනෙන් දිනට දික් වෙන බවත් ආර්ථික වර්ධනය වෙනුවට ආර්ථික පසුබෑම සිදුව ඇති බවත් ඒ මහතා පැවසීය.

සමගි නීතිඥ සංවිධානයේ සමාරම්භක උත්සවය  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ජනාධිපති නීතිඥවරුන්, ජේෂ්ඨ නීතිඥවරුන් ඇතුළු කෘතහස්ත නීතිඥවරුන් විශාල පිරිසකගෙන් සමගි නීතිඥ සංගමය සමන්විතය.

දූෂිත ක්‍රියාදාමයන් වැජඹෙන රටක අපිට ජයග්‍රාහි ඉලක්ක කරා යන්න නොහැකි බව කී විපක්ෂ නායකතුමා, මේ අන්ධකාරය තුළින් විසඳුමක් කරා යන්න පුළුවන් පිරිසිදු ප්‍රජාත්‍රන්තවාදි ක්‍රමවේදයක් තුළ මිස දූෂිත වංචාකාරයෝ ඔළුගෙඩි මාරුවකින් නොවන බවද කීය.

Similar Posts