ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද (25) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදුකෙරිණි. ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ යන තේමාව යටතේ එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්විණි. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්‍ෂවල නායකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

දස වැදෑරුම් ප්‍රතිපත්ති අනුව සකසා ඇති මෙම ප්‍රථිපත්ති ප්‍රකාශණයේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛස්ථානයක් ලබාදී ඇති අතර මිත්‍රශීලි සහ නොබැදුනු විදේශ ප්‍රතිපත්තියක්, පිරිසිදු රාජ්‍ය පාලනයක්, ජනතාවට වගකියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක්, ඵලදායි පුරවැසියෙක්, සශ්‍රික මානව සම්පතක්, ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්, තාක්ෂණය මත පදනම් වන සමාජයක්, භෞතික සම්පත් සංවර්ධනය, තිරසාර පරිසර කළමනාකරණය, විනයගරුක, නීතිගරු සහ ගුණාත්මක සමාජයක් ගොඩනැගීම යන කරුණුවලට මුල්තැන ලබාදී තිබේ.

මෙම සම්බන්ධව අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ.., රටට නොගැළපෙන වර්තමාන ආදායම් බදු පනත වෙනස් කොට ජනතාව මත බදු බර අඩු කරන්නට බලාපොරොත්තු වෙන බවත්, නිෂ්පාදන කර්මාන්ත සඳහා අය කරන ආදායම් බදු අඩු කර වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරන බවයි.

වාහන සම්බන්ධයෙන් පනවා ඇති විවිධ බදු වෙනුවට එක් සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙන බවත්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් මත පනවා ඇති උපයන විට බද්ද, Payee tax  අහෝසි කරන බවත් ඔහු පැවසීය.

Similar Posts