c lanka

අගමැතිවරයා ලෙස පත්වීම සඳහා ජනපති සිරිසේන මහතා අපේක්ෂා දල්වාගෙන සිටීම පසුපස තිබුණු කාරණය පසුගිය සතියේ අනාවරණය විය. අවසානයේදී අසාර්ථක වුව ද, ජනපති සිරිසේන මහතාගේ හිතවතුන් සිට ඇත්තේ ඔවුන්ගේම ඒකාබද්ධ සන්ධානයක් ගොඩනගා ගැනීමට උත්සාහ කරමින්ය.

එක් ආරංචි මාර්ගයක් සදහන් කළ ආකාරයට, පාක්ෂිකයින් කැටුව එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී පැමිණ මෙම නව සන්ධානය හා එක්වන ලෙසට ජනපති සිරිසේන සජිත් පේ‍්‍රමදාස පාර්ශවයට විවෘත ආරාධනයක් ද කර තිබී ඇත. යෝජනා කර තිබෙන්නේ මෙවර ජනපතිවරණය සදහා පේ‍්‍රමදාස ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර, අනතුරුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සදහා අගමැති අපේක්ෂකයා ලෙස ජනපති සිරිසේන ඉදිරිපත් කිරීමටය.

මේ ආකාරයේම යෝජනාවන් ජනතා විමුක්ති පෙරමුණ වෙත සහ ජාතික හෙළ උරුමය වෙත ද ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන මුත්, එම පක්ෂවල එකඟතාවය මේ සඳහා පළවනු උගහටය. පසුගිය සතියේ නොනිල මට්ටමින් එකඟතාවයක් ඇතිවුව ද, පාර්ශවකරුවන් බවට පත්වීම සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා බිඳ වැටීමට පටන් ගෙන තිබීමට මෙය ද තවත් හේතුවක් බව ද පැවසේ.

නව ගැටලු දැන් එකක් පසුපස එකක් මතුවන්නට ගෙන ඇත. පාර්ශවකරුවන් බවට පත්වීම සඳහා නොනිල මට්ටමින් එකඟතාවයක් ඇති කරගැනුනේ ජනපති සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර මුහුණට මුහුණ පැවැති හමුවකදීය.

c lanka

Similar Posts