politics

කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන බල පොරය උග්‍ර වෙමින් මේ වන විට අළුත් , තරුණ මුහුණු කීපයක් දේශපාලනයට පිවිසෙමින් තිබේ.

කෝටිපති ව්‍යාපාරිකයෙකු වු හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතාගේ පුත් රසික පින්නගොඩ විතාන මහතා සමගි ජන බලවේගයේ තරුණ සංවිධානයේ කළුතර දිස්ත්‍රික් සම ලේකම් වරයෙකු ලෙස පත් කර ඇත.

සමගි ජන බලවේගයේ නායක ,විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතින් රසික පින්නගොඩ විතාන මහතා පසු ගිය දා සිය පත්වීම බාර ගත්තේය.

මේ අතර දේශපාලනයෙන් කළුතරට සමුදි තිබු හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ වැඩ කටයුතු යළි ආරම්භ කර තිබේ.

මිට අමතර ප්‍රබල දේශපාලකයින් හා ව්‍යාපාරිකයින් කීප දෙනෙකුගේ පුතුන් කළුතරින් දේශපාලනය ඇරඹීමේ සුදානමක් පිළිබද මේ දිනවල කතා බහට ලක් වෙමින් තිබේ.

එස්. පොද්දෙණිය – මීගහතැන්න

Similar Posts