unp

එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මහජන දිනය නව ක්‍රමවේදයක් යටතේ  ආරම්භ විය. පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ මඟ පෙන්වීම සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත මහජන දිනය පැවැත්වෙයි.

සෑම අඟහරුවාදා සහ බදාදා යන දෙදින පුරා පාක්ෂිකයන් හමුවෙමින් ඔවුන්ගේ ගැටලු වලට ක්ෂණික විසඳුම් ලබා දිම මෙම මහජන දිනය පැවැත්වීමේ අරමුණ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය .

ඊයේ (02) සිට ආරම්භ වූ මහජන දිනය සඳහා දිවයිනේ ප්‍රදේශ රැසකින් එක්සත් ජාතික පාක්ෂිකයන්, ජනතා නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ .

පක්⁣ෂයේ ප්‍රධාන නිලධාරීන් සියලු දෙනා සහභාගී මේ සඳහා සහභාගි වූ අතර පවතින කොරොනා වසංගතය හේතුවෙන් දැඩි සෞඛ්‍ය නිර්දේශ යටතේ වැඩසටහන පැවැත්විණි.

Similar Posts