ආන්ඩුව වතු කම්කරුවන්ට ලබා දෙනවා කිවු රුපියල් දහසේ (1000/=) වැටුප්  වැඩි කිරිම ජනවාරි 01වන දින සිට ලබා දිමට කටයුතු කරන ලෙස ආන්ඩුවට බල කරන අතර එය එසේ කිරිමට ආන්ඩුව කටයුතු නොකලහොත් වතු කම්කරුවන් සමග අරගල කරන බව ජාතික ජන බලවේගයේ ගම්පහා දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි විජිත හේරත් මහතා පවසයි.

හැටන් නගර ශාලාවේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු විජිත හේරත් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

දෙසැම්බර් 15 ජාත්‍යයන්තර තේ දිනයයි අපේ රටේ ආර්ථිකයට මෙන්ම අපේ ජාතික ආදායමට විශාල මෙහෙයක් කරන පිරිසක් තමයි මේ වතු කම්කරුවන් එත් මේ අයට අද ලැබෙන්නේ සොච්චම් වැටුපක්.

අවුරුදු දෙසියක් පමන අපේ රටේ ජාතික ආදායමට විශාල රුකුලක් දෙන මෙම වකු කම්කරුවන්ගේ වැටුප් වැඩි කල යුතුයි පසු ගිය කාලයන් පුරා සිදු කරන ලද විවිධ අරගල හේතුවෙන් මේ වන විට රුපියල් 750/=ක දෛනික වැටුපක් මේ අයට ලැබෙනවා එත් අද පවතින ජිවන වියදම මත මෙය මදියි.

ඉංදියාවේ සිට ආවත් දැන් මේ අය ලංකාවේ පුරවැසියන් එම නිසා ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11, 12, 13, යන වගන්ති මත මෙම අයටත් මෙහි අන් අයට මෙන්ම සියලු පසුකම් ලැබිය යුතුයි එත් අද මේ වතු කම්කරුවන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබන්න හොද පාසල් නැහැ, බෙහෙත් ගන්න හොද සෞඛ්‍ය පහසුකම් නැහැ බිමට හොද වතුර නැහැ යන්න එන්න හොද මාර්ග පහසුකම් නැහැ .

වතු කම්කරුවන්ගේ වැටුප 2020 මාර්තු සිට රුපියල් දාහාක් කරන බව මහින්ද රාජපක්ෂ මහතා පාර්ලීමේන්තුවේදි ප්‍රකාශ කලා එත් අපි එහිදි විමසා සිටියා මෙය කරන්න පුලුවන්ද කියලා එවිට ඔහු උපහාසයෙන් නැවත පැවසුවා එය ලබා දෙන බව එත් එය නිසි පරිදි සිදුවුනේ නැහැ දැන් නැවත අය වැයේදි ප්‍රකාශ කලා 2021 ජනවාරි සිට මේ වතු කම්කරුවන්ට රුපියල් දාහේ දෛනික වැටුප ලබා දෙන බව.

මේ වතු කම්කරුවන්ට මේ රුපියල් දාහත් මදි නිසි ලෙස ඔවුන්ට රුපියල් 1281/-= ලැබිය යුතුයි එත් කමක් නැහැ මේ රුපියල් දාහා හෝ නිසි ලෙස ලබා දෙනවානම් එත් අය වැයේදි මෙම වැටුප් වැඩි විම පැවසු විට වතු සමාගම් පවසන්නේ එම වැටුප් වැඩි විම ලබා දෙන්න බැරි බවයි එසේ නම් එම වැටුප් වැඩිවිමට අවශ්‍ය මුදල් මහ භාන්ඩාගාරයෙන් වෙන් කල යුතුයි.

එත් එවැනි මුදල් වෙන් කිරිමක් අය වැයෙන් ඉදිරිපත් කරලා නැහැ එහෙමනම් මෙයත් වතු කම්කරුවන් නැවත රැවටිමක්ද කියන එක ප්‍රශ්නයක් අද දෙසැම්බර් 15  ජනවාරි 01 දින සිට මෙම වැටුප් වැඩි කිරිමක් කරනවා නම් තව දවස් 15 තියෙන්නේ එත් මේ වැටුප් වැඩි කිරිම ගැන කිසිම වැඩ පිලිවෙලක් තවම නැහැ වතු සමාගම් මෙම වැටුප් වැඩි කිරිම නොකරන්නේ නම් ඔවුන්ට ගන්නා ක්‍රියා මාර්ග මෙනවාද.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් හාරලක්ෂ දස දහාසක් ඉන්නවා එය සියයට පනස් තුනයි දශම දෙකක් (53.2%) එයින් පහාලොස් දහාස් හාර සියයක් (15400) පමන තවම ජිවත් වෙන්නේ ඉටි රෙදි මඩුවල බවයි කියවෙන්නේ මේ අය විවිධ ලෙඩ රෝග මතයි මෙම රැකියාව කරන්නේ එම නිසා ආන්ඩුවට වගකිමක් තියෙනවා මේ අයට හොද ජිවිතයක් ගත කරන්න පහසුකම් ලබා දෙන්න.

පසු ගිය කාලය පුරාවටම  මේ වතු කම්කරුවන්ගේ ඡන්දය ලබා ගත් විවිධ වෘත්තිය සමිතිවල අය කලේ වතු කම්කරුවන් රැවටිමට ලක් කිරිමයි වතු කම්කරුවන් රවටලා ඔවුන්ගේ ඡන්දය ලබා ගෙන ආන්ඩුවලට මුක්කු ගහාලා එම පිරිස් ජිවත් විමයි කලේ දැන් ඉන්න අයත් කරනේ වතු කම්කරුවන්ගේ ඡන්දය ලබා ගෙන ආන්ඩුවට මුක්කු ගහලා වතු කම්කරුවන්ගේ අයිතින් පවා දිමට කටයුතු කිරිමයි.

එම නිසා අපි වගකිමෙන් කියන්නේ මේ ආන්ඩුව වතු කම්කරුවන්ට පොරෝන්දු වුන විදියට වතු කම්කරුවන්ගේ රුපියල් දහාසේ වැටුප් වැඩි කිරිම නිසි ලෙස කල යුතුයි එසේ නැතිනම් අපි වතු කම්කරුවන් සමග එම වැටුප් වැඩි විම ලබා ගැනිමට අරගල කරන්න සුදානම්.

මෙම අවස්ථාවට අඹගමුව ප්‍රාදේශිය සභා මංත්‍රි මංජුල සුරවිර මහතා ඇතුළු පිරිසක්ද එක් විය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts