thus

ළමා හිංසනයට තිත පදනමේ ආරම්භක සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය නරහේන්පිට කම්කරු අමත්‍යාංශය ඉදිරිපිට සිට පොස්ටරයක්ද ප්‍රදර්ශනය කරමින් වත්මන් ආණ්ඩුවට ගෙදර යන්නැයි කියමින් සිය අදහස් මෙලෙස ප්‍රකාශ කර තිබේ. මෙහි විශේසත්වය වන්නේ ඇගේ සොයුරු විදුර වික්‍රමනායක ඇමතිවරයාට එරෙහිව කතා කිරීමය.

” ආයුබෝවන් මම දැන් ඉන්නේ මෙහෙවර පියස නාරහේන්පිට..

මේ තමයි කම්කරු අමත්‍යාංශය තියෙන තැන.මම මෙතනට ඇවිත් තියෙන්නේ මගේම ඥාතියෙක් මේ කම්කරු අමත්‍යාංශයේ ඇමති විදුර වික්‍රමනායකට කියා දෙන්න අපේ රටේ ලේ වැගිරීම් වලට මුල් වුන ආණ්ඩුවක හවුල්කාරයෙක් ලෙස ඉන්නවා නම් ඔහුගේ අතේ තියෙන්නෙත් ලේ කියන එක මම මතක් කරන්නම්..

මට ආරංචියක් ආවා රඹුක්කන වෙඩි තැබිමෙන් පස්සේ තුවාල වුන දරුවන් දෙදෙනෙක් අයිසීයු එකට දාලා තියනවා තියලා.මොවුන්ගේ ජිවිත හානි වුනොත් කවුද මේවාට වගකියන්නේ? අපේ අනාගතේ නියම හිමිකරුවන් වන දරුවන් වෙනුවෙන් කතා කරන කෙනෙක් විදියට මට හරි වේදනාවක් ආවා..

ඒ නිසයි මම මෙතනටම ආවේ.. මොකද ඒ දරුවන්ගේ දෙම්ව්පියන් කම්කරුවෝ.. ඒ කම්කරුවන්ගේ ලේ උරා බොමින් ලේ මත වැජඹෙන රජයක නියෝජනය කරන ඇමති කෙනෙක් හැටියට ඔහු මේවාට වගකියන්න ඕනේ.මේ හැමෝම ගෙදර යායුතුයි..අපිට මේ රාජපක්ෂ ආණ්ඩුවේ කිසිකෙනෙක් අවශ්‍ය නැහැ.. අපි බලාපොරොත්තු වෙන්නේ නව පාලනයක්.

මේ ගසා කන හැටියට මම බොහොම ප්‍රබලව ඉල්ලීමක් කරනවා කම්කරු ඇමතිගෙන්.. ඇමතිතුමනි යන්න ඒ දරුවන් ගැන බලන්න..ඔවුන් වෙනුවෙන් යමක් කරන්න.. සමාව ගන්න රජය වෙනුවෙන්. මම තනියම හරි මේ අරගලය කරනවා පැය කිහිපයක් හරි..”

Similar Posts