බි‍්‍රස්ටල් නගරයේ ඉදි කර තිබූ  ජාතිවාදියෙකු ලෙස සැලකෙන වහල් වෙළෙන්දෙකු වූ එඞ්වඞ් කොල්ස්ටන්ගේ ප‍්‍රතිමාවක් ඇතුළු  ප‍්‍රතිමා රැසක් විරෝධතාකරුවන් විසින් විනාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එඞ්වඞ් කොල්ස්ටන්ගේ ලෝකඩ ප‍්‍රතිමාව කඹ යොදා බිමට ඇද දැමූ විරෝධතාකරුවන්,එඞ්වඞ් ෆ්ලොයිඞ් ඝාතනය කළ අයුරු නිරූපණය කළා.

ප‍්‍රතිමාව දියේ ගිල්වා ප‍්‍රීතිඝෝෂා කළ අයුරු දැක්වෙන වීඩියෝපට රැසක් ද  මුදා හැර තිබෙනවා.

අමෙරිකානු තානාපති කාර්යයාලය ඉදිරිපිටට රැස්වී සිය විරෝධය ප‍්‍රකාශ කරමින් සිටින්නේ විවිධ පාඨ රැගත් පුවරු ද ප‍්‍රදර්ශනය කරමින්.

ඉන් බොහොමයක ”යුක්තිය නැත, සාමය නැත” සහ ”කලූ ජීවිතවලටත් වටිනාකමක් ඇත” වැනි ප‍්‍රකාශ සඳහන් කර ඇත.

Similar Posts