corona-vaccine

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ ජාතිය අමතා තම පුරවැසියන්ට කියා සිටියේ ඒන්නත් කරනය සම්පුර්ණ කළ ඇමරිකානුවන්ට කැමති නම් තම මුව ආවාරණය සම්පුර්ණයෙන් ඉවත්කර කටයුතු කළ හැකි බවයි.

මෙම ප්‍රකාශයත් සමග බොහෝ ඇමරිකානුවන් වික්ෂිප්ත වූ බව අණාවරය වූ අතර, සමහර මාධ්‍ය ප්‍රකාශ කලේ ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය අධිතක්සේරු කිරීමක් බවත්ය. ඇමරිකානුවන් ඒ තරමටම මේ රෝගයෙන් බියපත් වි පීඩා විදිමින් සිටින නිසා මෙම ප්‍රකාශය තවමත් ඔවුන්ට අදහා ගැනීමට නොහැකිව තිබේ.

හිටපු ජනපති ඩොල්ඩ් ට්‍රම්ප් පාලනය කාලය තුළ මෙම වෛරසය සම්බන්ධව සිදු කළ අදුරදර්ශී ක්‍රියා මාර්ග හේතුවෙන් ජෝ බයිඩන් ජනාධිපතිධුරයේ දිවුරුම් දෙන විටත් ඇමරිකාව විශාලා  මහනුවරක් සේ දිස් විය. ලක්ෂ ගනනින් කෝවිඩ් වසංග රෝගීන් දිනපතා ඇමරිකාවෙන් වාර්තා වූ අතර, දිනකට මිය යන ප්‍රමාණය ද හාරදහසේ සීමාව ඉක්මවා තිබුනි.

ඒමෙන්ම ලෝකයේ දියුණුම රෝහල් පද්ධිතයකින් සමන්විත රටක් වූ ඇමරිකාවේ රෝහල්, කෝවිඩ් රෝගීන්ගෙන් සම්පුර්ණයෙන් පිරී ඉතිරි ගොස් තිබුනි. ඒ හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල හෙම්බත් වී තමන්ට මෙය වෛරසය තව දුරටත් පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන් බව සමහර වෛද්‍යවරුන් කදුළු සලමින් මාධ්‍යයන්ට පවා ප්‍රකාශ කළාය.

ඒ කෙසේ වෙතත් තවමත් ලෝකයේ වැඩිම වසංගත රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ හා මෙම වසංගතයෙන් වැඩිම පිරිසක් මිය ගිය රට බවට ඇමරිකාව පත්ව තිබේ.

නමුත්, වසංගතයෙන් ඉතා දරුණු ලෙස පීඩා විදිමින් සිටි ඇමරිකාව ඉතා කෙටි කාලයක් තුළ මෙම රෝගය පාලනය තම අතට ගෙන තිබේ. ඒ මෙම රෝගයෙන් ආරක්ෂා වීම සදහා ගත යුතු ක්‍රියා මාර්ග නොපැලකිලිව, කඩිනමින් හා අඛන්ඩව සිදු කිරීම නිසාය.

ජෝ බයිඩන් ගේ ආගමනයෙන් පසුව ඔවුන්, මෙම රෝගය පාලනය කිරීම සදහා සෞඛ්‍ය විද්‍යාඥයින් ලබාදෙන අදහස් හා උපදෙස් මතම කටයුතු කළාය. විද්‍යාව වෙනුවට මිත්‍යාව පසු පස නොගියාය. විශාල වශයෙන් පරීක්ෂණ සිදු කරමින් රෝගීන් හදුනා ගනිමින් ඔවුන් හරහා අන් අයට රෝගය පැතිරීම වැලැක්වීමට කටයුතු කළාය.

ඒ අතර කඩිනමින් තම පුරවැසියන් වෙත කෝවිඩ් ඒන්නත ලබා දීමට කටයුතු කළාය. ඒ හේතුවෙන් දිනකට ලක්ෂ ගනින් වාර්තා වූ රෝගීන් විසිදහස දක්වා අඩු කර ගැනීමටත් දහස් ගනනින් මිය ගිය ඇමරිකානුවන් ප්‍රමාණය පන්සීයේ ප්‍රමාණ දක්වා අඩුකර ගැනීමටත් හැකි වූවාය. ජෝ බයිඩන් මුව ආවරණ ගැලවීමේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ ඔවුන් මෙම රෝගය පාලනය තම අතට ගෙන ඇති බවයි.

මේ අතර, සම්පුර්ණයෙන් මුහුදෙන් වට වූ දූපතක ජීවත් වන අප වසරක් තිස්සේ කෝවිඩ් වසංගතයේ බේරෙන්න සිදු කළේ කුමක්ද? විද්‍යාව වෙනුවට මිත්‍යාව පිටුපස දුවමින්, දුම් මුට්ටි අල්ලමින්, පැං කළගෙඩි ගංගාවලට අතහරිමින්, පැණි කාරයන් සමග නාඩගං නටමින් මෙම රුදුරු හා බිහිසුනු වසංගතය ජොකරයෙකුට සමාන කර කටයුතු කළාය.

නමුත්, මෙහි බැරූරැම්කම අවබෝධ කරගත් සමහර බලධාරීන් පාලකයින්ට මේ සම්බන්ධව අනතුරු ඇගවූ විට ප්‍රකාශ කර සිටියේ අවුරැදු තිහක යුද්ධයක් අවසන් කළ අපට මෙය ඒතරම් කජ්ජක් නොවන බවයි.

විටෙක ඇමරිකාව හා යුරෝපය ඇතුලු රටවල කෝවිඩ් වසංගතය දරුණු ලෙස පැතිරී යද්දී අපේ සමහර දේශපලනඥයින් උදම් ඇණුවේ ලෝකයේ බලගතුම රාජ්‍යයන් පවා කොරොනා වසංගතය හමුවේ දණ නමා ඇති අවස්ථාවක අපි ඉතා සාර්ථකව ඊට මුහුණ දී ඒය පාලනය කර තිබෙන බවයි.

ඒම නිසා කොරෝනා පාලනය සම්බන්ධව වෙනත් රටවල අත්දැකීම් අපට අනවශ්‍ය බවත්, ඒ අයට අවශ්‍ය නම් අපව ආදර්ශයට ගත හැකි බවත් ප්‍රකාශ කරනු ලැබුවාය.

අප මෙන්ම, විද්‍යාව වෙනුවට මිත්‍යාව පසුපස ගිය බ්‍රසීලය හා ඉන්දියාවේ තත්ත්වයට අපට ක්‍රමයෙන් පැමිණෙමින් සිටින බව අද විශේඥයින් ප්‍රකාශ කරමින් සිටී. මෙම වසංගතය දැනටමත් සමාජ ගතවී ඇති නිසා රට වසා හෝ සංචරන සීමා දැඩි නොකොට මෙම තත්ත්තවය තව දුරටත් පාළනය කළ නොහැකි බව ඔවුන් බොහෝ දෙනා ප්‍රකාශ කරයි.

දැනුත් අප ප්‍රමාද නැත. පවතින තත්ත්වය තේරුම් ගෙන වහාම විශේඥයින්ගේ උපදෙස් පිළිගෙන කටයුතු කරමින්, පීසීඅර් පරීක්ෂණ වැඩි කරමින් වහා වහා රෝගීන් හදුනා ගෙන තව දුරටත් රෝගය පැතිරීම පාලනය කිරීම සිදු කළ යුතුය.

ඒමෙන්ම, රටේ සියලු පුරවැසියන් සදහා වහාම ඒන්නත් කරණය සිදු කිරීමත් හැර මෙම වසංගතයෙන් ගොඩඒමට වෙනත් මාර්ගයක් අපට නැත. ඊට මුදල් නැත්නම් ඉතිරී වී ඇති දෙයක් උගස්කර හෝ ඒය සිදු කළ යුතුය.

Similar Posts