black marketers definition

කොරෝනා වසංගතයෙන් බැට කන කළුතර දිස්‍ත්‍රික්කයේ ජනතාව ව්‍යාපාරික ගසාකෑමකටද ලක්ව සිටින බව ප්‍රදේශයේ ජනතාව කියති.

කොරෝනා වසංගත තත්වය නිසා දිස්ත්‍රික්කයේ බොහෝ වෙළදසල් තුළට ගොස් භාණ්ඩ තෝරා මිළදී ගැනීමට නොහැකිය. සෞඛ්‍ය නීති – රීති පිළිපදිමින් බොහෝ වෙළදල් පිටත සිට අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමට පාරිභෝගිකයින්ට සිදුව තිබෙි.

එවිට ඇතැම් වෙළදසල් හිමියන් නියමිත ප්‍රමාණයට අඩුවෙන් භාණ්ඩ කිරීම, නරක්වූ හා ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය කලවම්කර ලබාදීම, සහ බොහෝ පාරිභෝගික භාණ්ඩ වල නියමිත මිළට වඩා වැඩි මිළක් අය කරන බවට පාරිභෝගික ජනතාව චෝදනා කරති. පාරිභෝගික ජනතාව දුරස්ථභාවය රකිමින් වෙළදසල්වල පිටත සිට භාණ්ඩ ලබා ගැනීමෙීදී මෙම අසාධාරණයට ලක්වන බව පාරිභෝගික ජනතාව චෝදනා කරති.

මීට අමතර කළුතරදිස්ත්‍රික්කයේ මතුගම,කළුතර, හොරණ, අලුත්ගම ඇතුළු ප්‍රධාන නගර අැතුළුව ගම්බද වෙළදසල්වලද රජයේ නියමිත මිලට සහල් මිළදෘගැනීමට නැතැයි පාරිභෝගිකයින් කියති. රජය නියමකළ මිළට තොග වෙළදුන්ගෙන් තමන්ට නොලැබෙන බව සිල්ලර වෙළෙදුන් කියති.

සහල් තොග වෙළදාම සිදුකරන වෙළෙදුන් කීවේ තමන්ට වීමෝල් හිමියන්ගෙන් සහ පිටකොටුව, තිස්ස මහාරාමය, හම්බන්තොට ආදී ප්‍රදේශ වලින්ද රජය කියන මිලකට සහල් නොලැබෙන බවයි. මේ නිසා රජයේ සහතික මිළට සහල් ලබාදිය නොහැකි බවයි.

සීනි, පරිප්පු, හාල්මැස්සන්, අර්තාපල් ලොකු ලූනු ඇතුළු අත්‍ය අවශ්‍ය ආහාර දුව්‍ය රැසකම මිළ රජයේ පාලන මිළ නොවෙි යැයි ප්‍රධාන නගර රැසකදී දැක ගතහැකි විය නමුත් කොරෝනා අවදානම නිසා ජනතාව දුරස්ථභාවය, සලකමින් වැඩි මිළක් ගෙවමින්, ප්‍රමිතියෙන් තොරවත් නියමිත ප්‍රමාණයටත් නැතිව භාණ්ඩ මිළදී ගන්නා අයුරු දැකගතහැකිවිය.

සෞඛ්‍ය නීති රීති අනුව සෑම වෙළසලකම අත් සේදීමට පහසුකම් හෝ විෂ බීජ නාශක දියරයක් තබා තිබිය යුතුය. නමුත් ප්‍රධාන නගරවල බොහෝ වෙළදසල් ඉදිරිපිට වතුර හෝ සබන් නැති ජල බෙිසමක් ජල කරාමයක් පමණක් තිබෙන අයුරු දැක ගතහැකිය.

බෙහෝ සිල්ලර වෙළදසල්වල අත් සේදීම, පැමිණි පුද්ගලයන් ගේ තොරතුරු සටහන් තැබීමක් සිදු නොවේ. ඇතැම් රාජ්‍ය බැංකුවල පවා අත් සේදීම සදහා ඇති ජල කරාම සහ ජල බෙිසම් සදහා ජලය හා සබන් නැතිව හුදෙක් නීතියෙන් බෙිරීමට කටයුතු කර ඇති අයුරු දැකිය හැකිය.

වෙළදසල්වල ආහාර පිළිබද සොයා බැලීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන්ට මේ දිකවල අවස්ථාව නැති නිසා කූඨ වෙළෙදුන් ජනතාව ගසා කන බව පාරිභෝගිකයින් කියති.

පොලිස් මුර සංචාර හා පොලිස් ජංගම රථ මගින් ජනතාවගේ මුව ආවරණ පරීක්ෂා කළද පාරිභෝගික ජනතාව සහ බහුතර වෙළද ප්‍රජාව කොරෝනා අවදානම නොතකා කටයුතු කිරීම ඉතා අවදානම් යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියති.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Similar Posts