epf

රුපියල් බිලියන 02 කට වඩා වාර්ෂික ලාභයක් උපයන සමාගම්වලින් සියයට 25% ක අධිභාර බද්දක් අයකර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින්  (07 ) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

2020 අපේ‍්‍රල් 01 වැනිදායින් ආරම්භ වන තක්සේරු වර්ෂයට අදාළව මෙම බද්ද අය කරගනු ලැබේ.

මෙසේ බදු අය කරගනු ලබන්නේ 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට අයත් සමාගම්වලිනි. එම සමාගම් යටතට විශ‍්‍රාම වැටුප් අරමුදල, සේවක අර්ථ සාධක අරමුදල, විශ‍්‍රාමික පාරිතෝෂික අරමුදල ද අයත් වේ.

මෙම ගැසට් නිවේදනයට අනුව සේවක අර්ථසාධක අරමුදලින් බිලියන 65 කට වැඩි බද්දක් අයකර ගන්නා බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

වැඩ කරන ජනතාවගේ කඳුළින් දහඩියෙන් උපයා ගත් මුදලින් වෙන් කරන සේවක අර්ථසාධක අරමුදලිනුත් මෙලෙස බදු අයකිරීම ඉතා තුච්ඡු නිහීන පහත් කි‍්‍රයාවක් යැයි ද ඒ මහතා පවසයි.

Similar Posts