ceylon

බලශක්ති ඇමැතිවරයා තවදුරටත් සිටින්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලීකරණය කිරීමේ හිතුවක්කාර තීරණයේ නම් මෙරට සියලුම වෘත්තීය සමිතිවල මැදිහත්වීමෙන් අරගලයේ දෙවන අදියර ආරම්භ කර නව ආණ්ඩුවක් ගෙන ඒමට කටයුතු කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කියා සිටි.

ඔහු පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයකට තමන් කණ්ඩායම ඇද දැමීමට කටයුතු කරනවාද නැද්ද පිළිබඳව ඇමැතිවරයා සිතා බැලිය යුතු බවය.

අද(22) බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවත් කුමන පණිවිඩයන් ඇමැතිවරයා නිකුත් කළද එය නතර නොකරන බවත් ඔහු අවධාරණය කර සිටියේය.

වෘත්තීය සමිති තිබෙන තුරු එම උත්සහාය සාර්ථක වීමට ඉඩ ලබානොදෙන බවත් මර්දනයට බියෙන් නිහඬවන්නට තම සංගම් සුදානම් නොමැති බවත් හෙතම පවසා සිටියේය.

Similar Posts