74

තෙල් මිල, බඩු මිල ඉහළ දමන ජන පීඩක ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් අම්බලන්තොට නගර මධ්‍යයයේදී පැවැත්විය.

වසර හැත්තෑ හතරක සාපලත් පාලනය වෙනස් කිරීම හැර ජනතාවට වෙනත් මඟක් නොමැති බව විරෝධතා රැලිය අමතමින් නලින් හේවගේ ප්‍රකාශ කර සිටියා.

“අද අම්බලන්තොටට ආව ජනතාව, නඟර රොද බඳින ජනතාව ලෑස්තියි දැන් මේ දුෂිත කොල්ලකාරී පාලනය පලවා හරින්න. අපි මේ ආණ්ඩුවට කියනවා දැන් යන්න ලැස්තිවෙන්න. ඒ වගේම අපි ජනතාවට කියනවා අපි මේ පාලනය අහෝසි කරලා දාලා මේ ජාතියේම හොර තක්කඩි රැලක් ආයේ බලයට ගේන්න ඕන නෑ. අපි ආණ්ඩුවක් හදන්න ඕන. ඒ හදන ආණ්ඩුව ජනතාවට වගකියන ආණ්ඩුවක් විය යුතුයි. හොරකම් නොකරන ආණ්ඩුවක් විය යුතුයි. ජනතාවත් එක්ක පාරට එන්න අපි ලෑස්තියි. මේ ආණ්ඩුව අවසන් කරන්න අපි ලෑස්තියි. ඒ වගේම අලුත් ආණ්ඩුවක් හදන්න අපි ලෑස්තියි. ඒ ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක්. ජනතාවට වගකියන ආණ්ඩුවක්” බව රැලිය අමතමින් සුනිල් හඳුන්නෙත්ති කියා සිටියා.

මෙම විරෝධතාවයට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයන් වන නලින් හේවගේ හා නිහාල් ගලප්පත්ති ඇතුළු විශාල පිරිසක් සහභාගී වූවා.

74-1

Similar Posts