mudith

වත්මන් රජය විසින් පහුගියදා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබුයේ මෙරට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරිමට යැයි පවසමිනි.

එහිදි රජය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක්ද පත් කරමින් සහල් වලට/ සීනි වලට උපරිම පාලන මිලක් නියම කරමින් ගැසට්ටුවක්ද ප්‍රකාශයට පත් කළහ. ඊඨ අමතරව හදිසි නීතිය පෙන්වා සඟවා තිබුණේ යැයි කියන සීනි/ සහල් ගබඩා වැ ටලීම් සිදු කළහ.

මෙරට සහල් නිෂ්පාදනය කරන පොළොන්නරුවේ ප්‍රධාන සහල් නිෂ්පාදකයින්ගේ ගබඩා වටලන ලදි. නමුත් හදිසි නීතිය යටතේ කිසිදු නීතිමය කාර්යයක් මෙහිදි සිදු කෙරුණේ නැත. මේ වටලනු ලැබු සියලුම ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් ක්‍රියා කෙරුණේ සාමාන්‍ය නීතියය.

මේ අතර ගොවීන්ගෙන් රජයට දැඩි විරෝධයක් එල්ල වුයේ වී අඩු මිලට ගන්නා බවටය. වෙළඳපොලේ සහල් හිඟ විය. ප්‍රධාන සහල් නිෂ්පාදකයින් කොළඹට සපයන සහල් ප්‍රමාණය අඩු කළේය. මේ නිසා රජය පහුගියදා තිරණය කරනු ලැබුයේ විදේශයෙන් සහල් ගෙන්වීමටය. ඒ් අනුව ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සහල් සම්බන්ධ හය වෙනි ගැසට්ටුවත් හකුලා ගත්තේය.

මෙය බොහෝ දෙනා හැඳින්වුයේ ආණ්ඩුව ඩඩ්ලි සිරිසේන හමුවේ දණ ගැසීමක් ලෙසිනි. ලංකාවේ සහල් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ඩඩ්ලි සිරිසේන මහතා ආණ්ඩුවේ හිතවතෙකු බව මුලු රටම දන්නා කරුණකි. ඒ් නිසා රජය ඔහුගේ ධනය, බලය හමුවේ ශ්‍රි ලංකාවේ වෙළඳපොලේ සහල් මිල පාලනය කිරිමට ආණ්ඩුවට හැකි වුයේ නැත.

සමාජ මාධ්‍ය වල මෙය හඳුන්වා තිබුණේ එදා බත් දුන් පියා ඩඩ්ලි බවත් මෙදා සහල් දුන් පියාද ඩඩ්ලි බවත්ය. ආණ්ඩුවට සහල් මිලේ ගැසට්ටුව අවලංගු කිරිම මෙන්ම වත්මන් වෙළඳපොලේ සහල් අර් බුදය පිලිබඳ අප ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් මුදිත් පෙරේරා මහතා සමඟ සාකච්ඡා කළෙමු.

සහල් මිල තීරණය

සහල් නිෂ්පාදකයින්ට අනුව මෙරට මිලියන 22 ජනතාවගෙන් සහල් වෙළඳපොලෙන් මිලදී ගනු ලබන්නේ මිලියන 17 ක පමණ ජනතාවකි. ඉතිරි ප්‍රමාණය සහල් නිෂ්පාදනය කරන්නවුන් ලෙස සැලකේ.

නිපුන, අරලිය, මේනක, රත්න, ලක්, හිරු ආදී ප්‍රධාන සහල් නිෂ්පාදකයින්ගේ වෙළඳපොලේ දායකත්වය  35% ක පමණ කොටසකි. නමුත් වෙළඳපොලේ සහල් මිල තීරකයේ බලය පවතින්නේ මොවුන්ටය. සුලු හා මධ්‍යම සහල් නිෂ්පාදකයින්ගේ සංගමයද මොවුන් යටතේ ඇති සංගමයක් නිසා එම තත්ත්වය වඩාත් පහසු කර ඇත.

කෘෂි ඇමති නොදන්න වී අර්බුදය

ආණ්ඩුව පහුගියදා නාඩු උපරිම මිල ලෙස සඳහන් කර සිටියේ කිලෝවක් රුපියල් 98 ක් ලෙසටය. නමුත් සහල් නිෂ්පාදකයින්ට රුපියල් 104 ක් නාඩු කිලෝවක් නිෂ්පාදනය සඳහා වැය වේ.

මේ අතර ආණ්ඩුව කියා සිටියේ ගොවීන්ගෙන් වී කිලෝවක් රුපියල් 50 ට මිලදී ගන්නා බවය. මෙයට වී ගොවියා එකඟ වුයේ නැත. ඊට හේතු කිහිපයක් ඇත.

කෘෂිකර්ම අමාත්‍යවරයා මේ ප්‍රකාශය කරනව විටත් රජය විසින් වී මිලදි ගැනීම් වැඩසටහන් 04 ක් ක්‍රියාත්මක කර තිබුණි. ඒ් ජනාධිපති ලේකම් පි.බී.ජයසුන්දර මහතාගේ වී මිල දී ගැනීමේ වැඩසටහන, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමුපාකාර සමඟ කරන වී මිලදි ගැනීම, පාරිභෝගික කටයුතු පිලිබඳ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාරිභෝගික අධිකාරිය හරහා වී මිලදි ගැනිම හා කෘෂිකර්ම ඇමති වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදි ගැනිමේ වැඩසටහන්ය.

මේ වැඩසටහන් වල වී මිලට ගනු ලැබුයේ එකම මිලට නොවීම මෙහි තිබු සුවිශේෂි වෙනස්කමකි. මේ  වී මිලදි ගැනිම නිශ්චිතව එක අමාත්‍යාංශයකින්, එක ලේකම්වරයෙකු හරහා කළ යුතු වුවත් එය සිදු සිදු නොවීම මේ වී මිලදි ගැනිමේ ආරවුලට ප්‍රධානම හේතුව විය.

වී අතිරික්තිය

සෑම වසරකම සහල් මිල ඉහළ යන්නේ ඔක්තෝම්බර් 15 සිට ජනවාරි 15 දක්වා කාලය තුලය. ආණ්ඩුව සෑම වසරකම වී ගබඩා වල ඇති වී අතිරික්තිය කොටනු ලබන්නේ මේ කාලයේය. නමුත් වත්මන් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැමිණි පසු මුලින්ම කළේ සියලු වී ගබඩා වල තිබු වී කෙටීමය. දැන් කෙටීමට ගබඩා වල වී නැත. වී ගබඩා වල ඇත්තේ සුළං පමණි.

සහල් හිඟයක් නැහැ

මේ වන විට වෙළඳපොලේ සහල් හිඟයක් පවතින බවට මවා පාන්නේ ආණ්ඩුව විසින්මය. ඒ් ඔවුන්ට විදේශයෙන් සහල් ආනයනය කිරිමටය. මොවුන් සහල් විදේශයෙන් ආනනයනය කිරිමට සැලසුම් කර තිබුණේ 2019 සිටය. ඒ් සැලසුමට අනුව මොවුන් ඔවුන්ගේ හිත මිතුරන්ගේ සහායෙන් වෙළඳපොලේ ව්‍යාජ සහල් හිඟයක් ඇති කිරිමට කටයුතු කර ඇත. ඒ් ඔවුන්ගේ කොමිස් වෙනුවෙනි.

මේ වන විට මියන්මාරයෙන් සහල් ගෙන්වන බවට වෙළඳ ඇමති බන්දුල කියයි. නමුත් මුදිත් පෙරේරා මහතාගේ අදහස වන්නේ විදේශයෙන් මේ වන විට සහල් ගෙන්වීමේ අවශ්‍යතාවයක් නැති බවත් තව මාස 05 කට මෙරට සහල් ඇති බව ඔහු පෙන්වා දි සිටියි.

පහුගිය දින කිහිපය තුල පමණක් වෙළඳපොලේ සහල් හිඟයක් ඇති වුයේ ආණ්ඩුව කියන මිලට සහල් දීමට සහල් නිෂ්පාදකයින් කැමති නොවීම නිසාය. ඔවුන් ඒ් සමයේ මෝල් වල වැඩ කළේ නැත. සිදු කළේද හෙමිහිටය.

සහල් නිෂ්පාදනයට පැය 100

නමුත් සහල් සඳහා වන උපරිම සිල්ලර මිල ගණන් දක්වමින් රජය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කිරීමට පහුගිය 27  දිනයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණේය. ඒ් ගජ මිතුරු සහල් නිෂ්පාදකයින්ගේ කඳුලු දැකීමට නොහැකි වීම නිසාය.  ආණ්ඩුවට මේ සහල් වෙළඳපොල පාලනය කිරිමට නොහැකි විය.

ගැසට්ටුව අවලංගු  කිරිමෙන් පසු නැවත සියලුම සහල් මෝල් වැඩ ආරම්භ කර ඇත.

ඒ් අනුව ඉදිරි දින කිහිපය තුල සියලු පළාත් වලට සහල් ලැබෙනු ඇත. මන්ද යත් වී ඇටයේ සිට සහල් දක්වා නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කර කොළඹට සහල් ප්‍රවාහනය කිරිමට පැය 100 ක් ගත වෙන නිසාය.

නව සහල් මිල

එකී ගැසට් නිවේදනය අවලංගු කළ බවට නව ගැසට්ටුවක් මඟින් දැනුම් දීමත්  සමග වෙළෙඳපොලේ සහල් අලෙවි කරනු ලබන මිල අලෙවි ගණන් සම්බන්ධයෙන් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින් මාධ්‍ය හමුවක් කැඳවමින් දැනුම් දී සිටියේය.

ඒ අනුව නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රු. 115ක්, සම්බා කිලෝවක් රු.140ක් සහ කීරි සම්බා සහල් කිලෝවක් රු.165කට අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බවයි මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින්ගේ මාධ්‍ය හමුවේදී ඩඩ්ලි සිරිසේන මහතා  ප්‍රකාශ කර සිටියේය.

මේ අතර ගොවින් ගෙන් නාඩු වී කිලෝවක් රු.62.50කට, සම්බා වී කිලෝවක් රුපියල් 70 කට සහ කීරි සම්බා වී කිලෝවක් රු.80කට මිලට ගැනීමට කටයුතු යොදා ඇති බවද මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින් ප්‍රකාශ කර තිබුණි.

2022 සහල් නැහැ

මේ වන විට ආණ්ඩුවේ ක්‍රියා කලාපය නිසා 2023 වසර දක්වා මේ සහල් ගැටලුව පවතිනු ඇත.  රසායනික පොහොර අර්බුදය නිසා 2022 මහ අස්වැන්නයේ වී අස්වැන්නක් ලැබෙන්නේ නැත. මන්ද මේ වන විටත් කුඹුරු වී වැපිරිමට සකසා ඇති නමුත් ඊට අවශ්‍ය පොහොර නැති නිසා එම කටයුතු ඇණ හිට තිබේ.

සාමාන්‍යයෙන් වරසකට වී මෙට්‍රික් ටොන් 5 කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගන්නා නමුදු ලබන වසර වන විට එය 50% කින් අඩු විය හැකිය. ඒ් පොහාර ගැටලුව නිසාය.

මේ පොහොර සම්බන්ධව ලබන වසරේ මැයි වෙද්දි රජය තීරණයක් ගත යුතු බවත් 2022 සැප්තැම්බර් මස වන විටවත් කුඹුරු වැඩ සඳහා පොහාර ගෙන්විය යුතුව ඇත. නැතිනම් අපට ගොවියා රැකගත හැකිවන්නේ නැත. සිදුවන්නේ කුඹුරු ගොවිතැන කඩා වැටීමය

සහල් නිෂ්පාදන සංගම්

සහල් නිෂ්පාදනය කිරිමේ ව්‍යාපාරිකයින්ගේ සංගම් කිහිපයක් ඇත. පෙර කී පරිදි මෙහි බලය ඇත්තේ ජනප්‍රිය සහල් නිෂ්පාදකයින් කිහිප දෙනෙකුටය. ඔවුන් යටතේ සුලු හා මධ්‍යම සහල් ව්‍යාපාරිකයින්ගේ සංගමය ඇත.

මීට අමතරව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය හා ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයද ඇත. නමුත් මේ සංගම් දෙකට මේ ආණ්ඩුව විසින් සහල් සම්බන්ධ සිදු කෙරෙන කිසිදු සාකච්ඡාවකට කැඳවා නැත. කැඳවා ඇත්තේ පෙර කී සංගම් පමණි.

අවම වශයෙන් සහල් මිල තීරණය කරන විටවත් සාකච්ඡාවක් ලබා දී නැත. මෙයින් පෙනී යන්නේ සහල් නිෂ්පාදනය තුල විවිධ දේශපාලන ගැටුම් ඇති බවය.

දැන් සිදුව ඇත්තේ වෛරය එන්නත් කර සහල් කර්මාන්තයට කණකොකා හැඬීමට ඉඩ හැරිමය.

සාකච්ඡා කළේ ශානිකා

 

Similar Posts