sinhala news papers

වෙළදසැල්වල කල් ඉකුත්වු ආහාර වර්ග විකිණීමත් සමග ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

සමහර වෙළදසැල්වල කල් ඉකුත්වු චොකලට්,යෝගට්, පැනි බිම, බිස්කට්, කේක්, සැමන්, ආදි කල් ඉකුත්වු ආහාර වර්ග විකිණීම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් ප්‍රදේශයේ සමහර පිරිස් පවසති.

එමෙන්ම සමහර වෙළද සැල්වල මෙන්ම ඔසු සැල්වල සමහර ආහාර වර්ගවල කල් ඉකුත්විමේ දිනයන් මැකි යන අයුරින් විවිධ සටහන් සහිත මුදුවන් තබා ඇති බවත් එම තත්වයන් මත කල් ඉකුත්විමේ දිනයන් නිසි ලෙස බලා ගැනිමට නොහැකි තත්වයක් පවතින බවද එම පිරිස් පවසති.

මෙසේ කල් ඉකුත්ව ඇති ආහාර වර්ග සමහර වෙළද සැල්වල මෙසේ විකිණීම තුලින් එම ආහාර වර්ග ගැනිමෙන් තම සෞඛ්‍යට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් පවතින බවත් මෙම තත්වයන් පිලිබදව අදාල නිලධාරින්ගේ කඩිනම් අවදානය යොමු කල යුතු බවද එම පිරිස් තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts