ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීනයන් අද අවසන් මහ සටනේ

sllegen

ඉන්දියාවේ රායීපුර් හි පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙන්නේ ඉන්දීය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීනයන් අතරයි.

එහිදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල, තිලකරත්න ඩිල්ෂාන් විසින් මෙහෙයවන අතර, ඉන්දීය ප්‍රවීනයන්ගේ පිල මෙහෙයවන්නේ සචින් තෙන්ඩුල්කාර් විසින්.

විදුලි අලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා ‘ලෙජන්ඩ්ස්’ පිල අවසන් පූර්ව තරගයේදී කඩුලු 8 කින් දකුණු අප්‍රිකානු ‘ලෙජන්ඩ්ස්’ පිල ද, ඉන්දීය ‘ලෙජන්ඩ්ස්’ පිල අවසන් පූර්ව තරගයේදී ලකුණු 12 කින් බටහිර ඉන්දීය කොදෙව් ‘ලෙජන්ඩ්ස්’ පිල ද, පරාජය කළේය.

Related posts