සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගය කඩුළු 2කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (13) සමත් විය.

මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 355ක් රැස්කර ගත් අතර, ඊට පිළිතුරු වශයෙන් පළමු ඉනිම සදහා නවසීලන්ත පිල ලකුණු 373ක් රැස්කර ගැනීමට සමත් විය.

අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 302ක් රැස්කර ගැනීමට සමත් විය.

ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා නවසීලන්ත පිලට ලකුණු 285ක අභියෝගයක් හිමිවිය.‍

නවසීලන්ත පිල තරගයේ අවසන් දිනය වන අද දිනයේ පිළිතුරු දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුළු 8ක් දැවී ලකුණු 285ක් රැස්කරගෙන තරගය ජය ගැනීමට සමත් විය.

තරගයේ වීරයා සම්මානය ඩැරල් මිචෙල්ට හිමිවිය.

Similar Posts