ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරගාවලි පරාජයේ වැඩි වගකීමක් පිතිකරුවන්ට බැර වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු නවීඩ් නවාස් පවසයි.

නවසීලන්තය සමග පැවති එක්දින හා ටෙස්ට් තරගාවලිය පරාජය වීමට වඩා එම තරගාවලිය කණ්ඩායමක් වශයෙන් පරාජය වූ ආකාරය ඉතාමත් වේදනාත්මක බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නවීඩ් නවාස් කියා සිටියි.

නවසීලන්තය සමග පැවති දෙවැනි එක්දින තරගයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පරාජයක් ලැබීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි නවාස්  සඳහන් කළේ.

ලෝක කුසලාන එක්දින තරගාවලියට සෘජුව ම සුදුසුකම් ලැබීමට තිබූ අවසන් අවස්ථාව ද ශ්‍රී ලංකා කණ්ඩායම අතින් ගිලිහී යාම හේතුවෙන් ඒ සඳහා සුදුසුකම් ලැබීමේ තරග වටයට ද එක්වීමට මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.

 

Similar Posts