දශක කිහිපයකට පසු ජපානයට බලපෑ දරුණුම සුළි කුණාටුව වන හැගිබිස් සුළි කුණාටුවෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මේ වන විට 40 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු අතුරුදහන් වී ඇත. මෙම සුළිකුණාටුවෙන් ඉතා බරපතළ දේපළ විනාශයක් මේ වන විට සිදු වී ඇත.

ජපන් ජනතාව පමණක් නොව මුළු ලෝකයම කම්පා වන මේ අවස්ථාවේ ජපන් ජාතිකයන්ට යම් ජීවයක් හා සැනසිල්ලක් එක් කරමින් ජපාන රග්බි කණ්ඩායම රග්බි ලෝක කුසාලනයේ අවසන් පූර්ව වටයට පැමිණීමට සමත් වී ඇත.  මෙම දස්කම ජපානය දක්වා ඇත්තේ ප්‍රථම වතාවට වීමත් විශේෂත්වයකි.

රග්බි ලෝක කුසාලනයේ තරග තුනක් මෙම සුළිකුණාටුව හේතුවෙන් නවතා දැමීමට සිදු වුවත් ජපානය හා ස්කොට්ලන්තය අතර පැවැති තරගය බාධාවකින් තොරව පැවැත්වීමට හැකි විය. එහිදී  28-21ක් ලෙස තරගය ජය ගනිමින් ප්‍රථම වරට රග්බි ලෝක කුසලානයක අවසන් පූර්ව තරගයකට සුදුසුකම් ලැබීමට ජපානයට හැකි විය.

මෙම ජයග්‍රහණයෙන් පසුව ජපාන කණ්ඩායමේ පුහුණුකරුවන ජෙමී ජෝශප් ප්‍රකාශයක් කරමින් මෙම ජයග්‍රාහී තරගය සුළි කුණාටුවෙන් පීඩාවට පත් සියලු දෙනා වෙනුවෙන් පූජා කළේය. තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ට ස්තූති කල ඔහු මෙය හුුදු තරගයකට වඩා වැඩි යමක් ඇති අවස්ථාවක් බවත් ප්‍රකාශ කළේය.

මෙම ජයග්‍රහණය සැබැවින්ම ජපන් ජාතිකයන්ට යම් අස්වැසිල්ලක් මෙන්ම ජවයක් එක් කරන්නක් විය.

දුලාන් දසනායක

Similar Posts