ශ්‍රී ලංකාව පළමු ඉනිම 156යි

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 156ක් පමණයි.

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී පන්දු 69 කදී ලකුණු 60ක් ලබා ගනිමින් සිටියදී ශ්‍රී ලංකා පිලේ දෙවන කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා දැවීයන අවස්ථාවේදී ඔහු විසින් වසර 116ක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට සමත්ව තිබෙනවා.

දිනයේ පළමු විවේක කාලය සඳහා තරගය නතර කරන අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 71ක් රැස් කර තිබු අතර කුසල් පෙරේරා ඒ වන විට ලකුණු 60 ක් රැස්කර ගෙන තිබුණා.

 

Related posts