ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කීරීමේ ප්‍රධාන බලවේගය වුයේ සිංහල ජාතිවාදී කඳවුර බවත් මේ කඳවුරේ අපේක්ෂාව සිංහල බහත්‍රවාදය පෝෂණය කිරීම හා බුද්ධාගම රාජ්‍ය ආගම වශයෙන් තබාගෙන තවදුරටත් කටයුතු කිරීම හෙයින්  මෙකී අභිලාෂයන්ට සේවය කරන අතරේම බහුත්වවාදි ප්‍රජාතන්තවාදයක් නිර්මාණය කර ගැනීම සඳහා බහුසංස්කෘතික රාජ්‍යයකින් එල්ල වන අභියෝග වලට මුහුණ දීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු වන බව විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතුල සිරි සමරකෝන් මහතා පවසයි.

එමෙන්ම අනෙක් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවන්නේ ලංකාව තවදුරටත් යහපාලන දෘෂ්ටිවාදය සහිත ගමන් කරන බව පෙන්වීමට බවත් ඔහු පවසයි. ඇමරිකාව යම් ආකාරයක පිළිගැනීමක් ලබා දී ඇති බවත් නමුත් එම පිළිගැනීම ලබා දී ඇත්තේ ජනතාවට බවත් අතුල සිරි සමරකෝන් මහතා පවසයි.

නමුත් මුලික වශයෙන්  ඇමරිකාව ඇතුලු යුරෝපිය  රටවල් තවදුරටත් අපේක්ෂා කරනු ලබන්නේ ලංකාවේ යහපාලන පරමාදර්ශයන් තවදුරටත් ඉදිරියට ගෙනයාමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ක්‍රියා කරනු ඇති බවට ඔහු වැඩිදුරටත් පවසයි.

Similar Posts