අංගොඩ චීටා STF දැලේ

ඉන්දියාවේදි මිය ගිය බව කියන අංගොඩ ලොක්කා නම් සංවිධානාත්මක අපරාධකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සරත් කුමාර නොහොත් ‘චීටි’ විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුල්ලේරියාවේ නිවසක භූගත බංකරයක් තුළ සැඟව සිටියදී අද (09)  උදෑසන මොහු අත්අඩංගුවට ගෙන ඇ.

44 හැවිරිදි මෙම සැකකරු නොවැම්බර් 12 වෙනිදා වැලගමදී විශේෂ කාර්ය බලකාය වැටලූ හෙරොයින් කිලෝ 112 සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි 9 වැනි සැකකරු බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

විශේෂ කාර්ය බළකාය මොහු සොයමින් සිටියදී සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවල සැඟ වී සිට ඇති අතර නිවසට පැමිණ ඇති බවට ලැබුණු තොරතුරු අනුව මෙම සිදු කළ වැටලීමකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ශානි

Related posts