තවත් සිසුවකුට කොවිඩ්

හැටන් නගරයේ ප්‍රසිද්ධ විදුහලක 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම විදුහලේ සිසුන් 37 දෙනකු ගුරුවරුන් තිදෙනකු හා එම කොවිඩ් ආසාදිතයාගේ සහෝදරියක් ඇතුළු 48 දෙනකු 15වන දින සිට ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු මැදවෙල මහතා මෙම කොවිඩ් ආසාදිත පාසල් සිසුවාගේ පියා කොළඹ ප්‍රදේශයේ සිට පැමින ඇති බවත් ඔහු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු එම පුද්ගලයා කොවිඩ් ආසාදියකු ලෙස මුලින්ම හදුනා ගත් බවත්ය.

එම තත්වයන් මත එම ආසාදිතයාගේ පුතා වන මෙම පාසල් සිසුවා පි. සි.ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගත් බවත් ඔහු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පෙර පසු ගිය 8හා9 යන දිනවලදි මෙම සිසුවා පාසල් ගොස් ඇති බවත් එම සිසුවාගේ පි. සි. ආර්. පරික්ෂන මත ඔහු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග ඔහු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යැවිමට පියවර ගත් බවද ඔහු පවසන ලදි.

එම තත්වයන් මත එම පාසල් සිසුවාගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගත් එම සිසුවා අධ්‍යාපනය හැදැරු විදුහලේ සිසුන් 37ක්, ගුරුවරුන් තිදෙනකු හා එම සිසුවා ඇසුරු කල හත් දෙනකු හා එම සිසුවාගේ සහෝදරියක්ද ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බවද මැදවෙල මහතා පවසන ලදි.

එසේ ස්වයං නිරෝධානයට ලක් කරන ලද පිරිස පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත් එසේ ගන්නා ලද  පි. සි. ආර්.වාර්ථාවන් ලැබිමෙන් පසු ඉදිරි පියවරයන් ගැනිමට කටයුතු කරන බවද මැදවෙල මහතා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts