ශ්‍රේෂ්ඨාධිකරණ අබලි ගබඩාවේ ගින්න සාර්ථකව මැඬපවත්වයි

Supreme Court

කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටි අබලි භාණ්ඩ ගබඩාවේ ඊයේ (15) සවස ඇති වූ හදිසි ගින්න මැඬපැවැත්වීමට ආරක්ෂක අංශවලට හැකි විය.

මෙම ගින්න හේතුවෙන් අධිකරණ සංකීර්ණයේ කාර්යාලයකට හෝ ලිපිගොනුවකට කිසිදු හානියක් සිදු වී නැති බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම් එම් පී කේ මායාදුන්න මහතා පැවැසීය.

මෙම අබලි භාණ්ඩ ගබඩාව ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි ප්‍රධාන ගොඩනැගිල්ලට පිටතින් පිහිටි ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටා ඇති බැවින් අබලි භාණ්ඩ ගබඩාවට පමණක් ගින්නෙන් හානි සිදුව ඇති බව ලේකම්වරයා පැවැසීය.

ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

සියලු විමර්ශන සහ සොයාබැලීම් ඔස්සේ මෙය කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි කඩිනමින් සොයාගැනීමට පියවර ගන්නා බවද මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කීවේය.

Related posts