ආසියානු යොවුන් රග්බි ශූරතාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට

අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලියට සහභාගිවීම සඳහා පාසල් රග්බි සංගමය මඟින් කළ ඉල්ලීම අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිකේෂ්ප කර තිබේ. කොරෝනා වසංගත තත්ත්වය මත සෞඛ්‍ය අංශ විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ලැබූ සෞඛ්‍ය උපදෙස්මාලාවට අනුව අධි අවදානම් ක්‍රීඩාවක් ලෙස රග්බි ක්‍රීඩාව නම් කර තිබෙන බැවින් ඊට අවසර දිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික හා ක්‍රීඩා අධ්‍යක්ෂ දයා බණ්ඩාර මහතා පාසල් රග්බි සංගමය වෙත ලිඛිතව දන්වා ඇත.

Read More

කවර තත්වයක් යටතේ වුවත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි

education-department-news/

රට තුළ පවත්නා වාතාවරණය කවර මට්ටමේ පැවතියත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ එක්ව පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි. රට තුළ පැවති තත්වය හමුවේ උසස් පෙළ විභාගය තවදුරටත් කල් නොදමා පැවැත්වීමට ගත් අභියෝගාත්මක තීන්දුව පරිද්දෙන්ම, ඉදිරියේදී කොවිඩ් හමුවේ පාසල් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය කෙසේ හෝ අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධ තීන්දු තීරණ ගැනීමට සිදුවන බව ද ලේකම්වරයා පැහැදිලි කළේය. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන, විවෘත විශ්ව විද්‍යාල සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවීමට  ජනාධිපතිතුමන් කටයුතු කර ඇත්තේ ද…

Read More