අතරින් පතර කෙටි වැසිය. අතරින් පතර දිගු සුළං ය. මා අනුරාධපුරය පසුකර මැදවච්චියට ආවේ කාලයකට පසුව වැලිඔයට යන්නට ය. කැබිතිගොල්ලෑව පදවිය පසුකරමි. වැලිඔය චෙක් පොයින්ටෙක තවමත් යුද්ධය සිහි කරයි. චෙක් පොයින්ටෙකට පසුව පාර වයි අකුරක් සේ දෙකට බෙදෙයි. එක පසක් නැදුන්කර්නි ය. අනෙක් පස මුලතිව් ය. අප මුලතිව් මඟ ගත යුතුය. මේ බිම කලින් දෙමළ ය. 1984 සිට සිංහල ය. අපි ඒ ඉතිහාසයට ගොස් නැවත වර්තමානයට එමු. ‘අපි වැලිඔයට ආවේ 1984. එනකොට මට වයස 11යි. අපි එනකොට මේක කැලයක්. ඇහැටුගස් වැව හරියේ දෙමළ ගම්මානයක් තිබුණා. අපි කලින් හිටියේ දිඹුලාගල දම්මින්න…
Read More