රජයේ ප්‍රධාන රෝහල් රැසකම විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ හිඟය නිසා එම රෝහල්වල CT, PET, MRI ඇතුළු පරීක්‍ෂණ ඇනහිටීමේ අවදානමක් ඇතැයි විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ඊයේ (11දා) පැවසීය. 2016 වර්ෂයට අදාළව අනුමත සේවක සංඛ්‍යාව 1100 ක් වුවත් මේ වනවිට එම ප්‍රමාණය 700 දක්වා අඩුවී ඇතැයිද, එම පිරිසෙන්ද කොටසක් මේ වනවිට විදේශගතවීම සහ විශ්‍රාමයෑම නිසා අඩුවී ඇතැයිද ඒ මහතා කීය. පවතින යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් නොමැතිවීම හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවද කී ඒ මහතා මේ වනවිට සම්මුඛ පරීක්‍ෂණ සිදුකර බඳවා ගැනීමට නියමිත විකිරණ විද්‍යාවේදීන් 150…
Read More