ආසියානු යොවුන් රග්බි ශූරතාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට

අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලියට සහභාගිවීම සඳහා පාසල් රග්බි සංගමය මඟින් කළ ඉල්ලීම අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිකේෂ්ප කර තිබේ. කොරෝනා වසංගත තත්ත්වය මත සෞඛ්‍ය අංශ විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ලැබූ සෞඛ්‍ය උපදෙස්මාලාවට අනුව අධි අවදානම් ක්‍රීඩාවක් ලෙස රග්බි ක්‍රීඩාව නම් කර තිබෙන බැවින් ඊට අවසර දිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික හා ක්‍රීඩා අධ්‍යක්ෂ දයා බණ්ඩාර මහතා පාසල් රග්බි සංගමය වෙත ලිඛිතව දන්වා ඇත.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අළුතින් රෝගීන් 13 ක්

covid infections and deaths

අනුරාධපුර මහවීදියේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක සේවකයන් හත්දෙනෙකුට කොවිඩ් 19 ආසාධනයවි ඇති බව ඊයේ (02දා) සවස වනවිට අනුරාධපුර වසංගතවේද විද්‍යායතනය තහවුරු කරගෙන තිබුණි. මෙම ආයතනයේ සේවයේ නියුතු නිලධාරින් හත්දෙනෙකුට කොවිඩ් 19 වෛයිරසය වැලදි තිබෙනා අතර ඔවුන් රෝග ලක්ෂණ සහිතව ඉතා වගකීම් විරහිතව කටයුතු කර තිබෙනා බව සෞඛ්‍ය අංශ පවසයි. එම ආයතනය තුල සේවය කළ සේවකයින් සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ කැස්ස හෙම්බිරිස්සාව උණ රෝග ලක්ෂණ සහිතව කටයුතු කර තිබෙනා බව සෞඛ්‍ය අංශ අනාවරණය කළ අතර සිදුකළ පී.සී.ආර් පරික්ෂණ වලදි ඔවුන් කොවිඩ් ආසාධිතයන් බව තහවුරු කරගෙන තිබේ කොවිඩ් ආසාධිත කාර්ය…

Read More