සුඩානයේ හමුදා කුමන්ත්‍රණයක් ? සිවිල් නායකයින් අත්අඩංගුවට
|

සුඩානයේ හමුදා කුමන්ත්‍රණයක් ? සිවිල් නායකයින් අත්අඩංගුවට

සුඩාන අන්තර්වාර රජයේ සාමාජිකයින් සහ අනෙකුත් සිවිල් නායකයින් ව අත්අඩංගුවට ගෙන ඇති බවත් එරට හමුදා කුමන්ත්‍රණයක් සිදුව ඇති බවටත් වාර්තා පළවෙයි. හඳුනා නොගත් හමුදා කණ්ඩායමක් විසින් අග්‍රාමාත්‍ය අබ්ඩල්ලා හැම්ඩොක් ව නිවාස අඩස්සියට ගෙන ඇති බවටත් වාර්තා විය. නමුත් මෙතෙක් හමුදාව කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර ප්‍රජාතන්ත්‍රවාදයට සහාය දක්වන කණ්ඩායම් පවසන්නේ ජනතාව උද්ඝෝෂණ පැවැත්විය යුතු බවය….