ඇමරිකාවේ 46 වන ජනපති ලෙස ජෝ බයිඩන් තේරී පත් වෙයි

american election announcement

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩන් පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් කරමින්. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ බයිඩන් පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයගැනීමත් සමග ජයග්‍රහණයට අවශ්‍ය “ජන්ද විද්‍යාල” 290 ඉක්මවා ගොස් ඇති බවය. ඔහු ජනාධිපතිධූරයේ 2021 ජනවාරි මාසයේදී රාජකාරි අරඹනු ඇත. ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා වීමට පෙර ජෝ බයිඩන් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා යටතේ උප ජනාධිපතිවරයා ලෙස සේවය කරනු ලැබුවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් සටහනක් තබමින් අභිනවයෙන් තේරී පත්වූ නව ජනාධිපතිවරයා සුබ පැතුම් එක් කර තිබෙනවා.

Read More

කලබල මැද බයිඩන් පෙරමුණට

america and sri lanka

එක්සත් ජනපද ජනාධිපතිවරණය මේ වන විට අවසාන අදියරට ළගා වී ඇති අතර මේ වන විටත් බැට්ල්ග්‍රවුන්ඩ්ස් ලෙස විචාරකයන් හදුන්වන ප්‍රාන්ත 5 කම අවසන් ප්‍රථිඵල නිකුත් වී නැත. බැටල්ග්‍රවුන්ඩ්ස් එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී යම් අපේක්ෂකයකු එක් ප්‍රාන්තයක් ජය ගත් පසු එකී ප්‍රාන්තයට අදාළ ඡන්ද විද්‍යාල එනම් ඉලෙක්ටෝරල් කොලෙජ් ආසන ප්‍රමාණය ඒ ජයග්‍රාහී අපේක්ෂකයාට හිමි වෙයි. එක්සත් ජනපදයේ බොහෝ ප්‍රාන්තයන් සම්ප්‍රදායිකවම රිපබ්ලිකන් හෝ ඩිමොක්‍රටික් පක්ෂයට ජය ලියවී ඇත. ඒවායේ විශාල ඡන්ද පරතරයකින් ඒ පක්ෂයේ අපේක්ෂකයා ජය ගැනීම සාමාන්‍ය දෙයක්. උදාහරණයක් ලෙස කැලිෆෝනියාව ඩිමොක්‍රටික් අපේක්ෂකයාටත්  ඇලබාමා රිපබ්ලිකන් අපේක්ෂකයාටත් සාමාන්‍යයෙන් හිමියි. නමුත් ප්‍රාන්ත කිහිපයක් එසේ…

Read More