මරුවැල පෑගී ගොවියා මරුට .

මරුවැල පෑගී ගොවියා මරුට .

උට්ටිමඩුව සියඹලාගස්වැව කැලෑ ප්‍රදේශයට කැති මිටක් කපා ගැනීමට බව කියමින් එහි ගිය හේන් ගොවියෙකු දඩයක්කරුවෙකු විසින් අටවා තිබූ බදින තුවක්කුවක මරුවැල පෑගිමෙන් වෙඩි ප්‍රහාරයට ලක්වි බරපතල තුවාල ලබා කැලෑව තුලදිම ජීවිතක්ෂයට පත්වි ඇති බව තිරප්පනය පොලිසිය පවසයි. වෙඩි ප්‍රහාරයට ලක්විමෙන් උට්ටිමඩුව උට්ටිමඩුව තිරප්පනය ලිපිනයේ පදිංචිව සිටි 70 හැවරදි තිදරු පියෙකුවූ මුතුබණ්ඩාගේ විජේසිංහ නැමත්තා ජීවිතක්ෂයට පත්වි…

වෙළඳසැල් කොල්ලය ගැන පරික්ෂණ අරඹයි.

අනුරාධපුර වන්නියම්කුලම ප්‍රදේශයේ පිහිටි වෙළද ආයතනයට කඩා වැදී එහි හිමිකරුගේ මුහුණ පිහියකින් කපා බරපතල තුවාල සිදුකර මුදල් කොල්ලකා පලාගිය කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පරික්ෂණයක් අරඹා තිබේ. වෙළදසැලේ හිමිකරුගේ බිරිද විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට සිදුකර ඇති පැමිණිල්ලට අනුව පරික්ෂණ අරඹා තිබෙන අතර වෙළදසැලේ ලාච්චුවේ තිබූ රුපියල් තිස්දහසක මුදලක් කොල්ලකරුවන්…

අනුරපුර අටමස්ථාන භූමියේ වෙළඳුන් ඉවත් කිරිමට විරෝධය .
|

අනුරපුර අටමස්ථාන භූමියේ වෙළඳුන් ඉවත් කිරිමට විරෝධය .

අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ ථූපාරාම විහාරස්ථානය ආසන්නයේ පරම්පරා කීපයක් වෙළඳාමේ නිරතව සිටින වෙළදුන් ඉවත් කිරීම සඳහා  අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමග ඊයේ (21දා) එම ස්ථානයට රැස්වූ වෙළඳුන් ඊට විරෝධය පළ කර සිටියහ. ථූපාරාම පෙත් මගේ වෙළඳාම කරමින් සිටියදී තමන් ථූපාරාම රථ ගාල අසලට යොමු කිරීමත් සමග රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වැය කර එම වෙළෙඳසල්…

පොලිස් ස්ථානාධිපති පුටුවටත් පුංචි යුද්ධයක් !
|

පොලිස් ස්ථානාධිපති පුටුවටත් පුංචි යුද්ධයක් !

පොලිස් දෙපාර්තුමේන්තුවේ උසස්වීම් වලට අනුව  ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් පිරිසක් සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස පත්කිරීමත් සමග පුරප්පාඩුව ඇති අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති අසුන හිමිකර ගැනීම සදහා ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් පස් දෙනෙකු සීතල යුද්ධයක නිරතවි සිටිනා බව අනාවරණය විය. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් දෙවතාවක් තේරීපත්වි මේ වනවිටත් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරනා ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.සංජීව මහනාම…

ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක් විකිණිමට ගොස් වැඩ වරදි

ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක් විකිණිමට ගොස් වැඩ වරදි

මහනුවර යුගයට අයත් (සමාධි බුද්ධ මුද්‍රාව) දඹරනින් නිමකළ මිල කළ නොහැකි බව කියන කිලෝග්‍රෑම් 22ක බරින් යුතු බුද්ධ ප්‍රතිමාවක් රුපියල් ලක්ෂ හැටකට අලවි කිරීමට උත්සහ කළ සැකකරුවන් තිදෙනෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ  (09) උපාය දූතයෙකු යොදවා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කිර්ති ලංකා ගීගනගේ මහතාගේ උපදෙස්…

ATM කඩා පොලිස් දැලේ
|

ATM කඩා පොලිස් දැලේ

රාජ්‍ය හා පෞද්ගලික බැංකු වල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගෑස් කටරයක් භාවිතා කර බිදිමින් මුදල් සොරා ගැනීමේ නිරතවූ දිවයිනේ ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක රියදුරෙකු පොලොන්නරුව මින්නේරියේ සිදුකළ ලක්ෂ හැත්තෑවක සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මේ මස (18දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා (04දා)නියෝග කළේය….

වන අලි පහර දීමකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

වන අලි පහර දීමකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්වූ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ වැඩ අංශයේ සේවයේ නිරතවූ පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වි ඇති බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි. ඊයේ (29) රාත්‍රීයේ එල්ලවූ වන අලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වි ඇත්තේ පහළගම පෙතියාගම පදිංචිව සිටි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ වැඩ අංශයේ සේවයේ නිරතව සිටි රත්නායක මුදියන්සේලාගේ සිසිර රත්නායක (50) සැරයන්වරයායි. ඔහු සිය නිවසේ සිට කුඹුරට යමින්…

අනුරාධපුර සහල් හිඟයක් !

අනුරාධපුර සහල් හිඟයක් !

මාධ්‍ය මගින් අනාවරණය කරනු ලබන සිල්ලර මිලට සහල් මිලදි ගැනීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙළදසැල් වල නොමැති බව අනුරාධපුර නගර ආසන්නයේ පාරිබෝගිකයන් පවසති. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර නගර ඇතුළු ප්‍රදේශ ගණනාවක උග්‍ර සහල් හිගයක් පවතින අතර නාඩු සුදු කැකුළු සම්බා හා කීරි සම්බා යන සහල් සොයා ගැනීමට නොමැති බව ඔවුන් කීහ. අනුරාධපුර නගරයේ ඇතැම් වෙළදසැල් වල පමණක් සහල්…

අතරමං වු ඇත් පැටියාට වනජිවි පිහිට වෙයි

අතරමං වු ඇත් පැටියාට වනජිවි පිහිට වෙයි

මව් ඇතින්නගෙන් හා රංචුවෙන් අතරමංවූ බවට සැකකරනා ඇත් පැටවෙකු කැකිරාව කීරියගස්වැව ප්‍රදේශයේ තනිව සැරිසරන බවට ප්‍රදේශවාසින් විසින් මොරගොඩ හා රිටිගල වනජීවි කර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව ඇත් පැටවා අල්ලා ප්‍රතිකාර ලබදීමට අනුරාධපුර පණ්ඩුලගම වන ජීවි කාර් යාලයේ  නිලධාරින් ඊයේ  (29) කටයුතු කළහ. ලැබුණු තොරතුරු වලට අනුව ඇත් පැටියා පිළිබඳ සොයා බැලු රිටිගල හා මොරගොඩ වනජීවි නිලධාරීන්ට…

අනුරාධපුර නුවරගම රක්ෂිතයත් අනතුරක?
|

අනුරාධපුර නුවරගම රක්ෂිතයත් අනතුරක?

අනුරාධපුර නුවරගම් රක්ෂිතයේ අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තුමේන්තුවේ ප්‍රායෝගික පුහුණු මධ්‍යස්ථානයකට ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව අවසර ලබාදීම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පැවත්විය යුතු බවට පරිසර සංවිධාන රැසක සාමාජිකයන් රජයේ වග කිවයුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති. වර්ෂ 1924 සමයේ ගැසට් මගින් රක්ෂිතයක් බවට පත්කළ අනුරාධපුර නුවරගම් රක්ෂිතයේ (කොරකහවැව) හෙක්ටයාර් 0.8 භූමි ප්‍රමාණයක් මේ…