මත්පැන් විෂවීමකින් 65ක් මරුට
|

මත්පැන් විෂවීමකින් 65ක් මරුට

නීති විරෝධී මත්පැන් විෂවීමකින් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මත්පැන් අලෙවිය සහ පරිභෝජනය 2016 වසරේ සිට නැගෙනහිර බිහාර් ප්‍රාන්තය තුළ තහනම් කර ඇති පසුබිමකයි මෙම මරණ වාර්තා වී ඇත්තේ. මත්පැන් විෂවීමෙන් කිහිපදෙනෙකු ජීවිත ගලවා ගෙන ඇතත් ඇස් පෙනීම පවා සම්පූර්ණයෙන් අහිමි වී ඇති බවත් වාර්තාවනවා.