දීර්ඝ කාලයක් තිස්සේ නොගෙවු අතිකාල දීමනා ලබා දෙන ලෙස බලකරමින් මන්නාරම දිසා රෝහල් වලට අනුයුක්තව රාජකාරි කරන ක්ෂේත්‍ර පවුල් සෞඛ්‍ය සේවිකාවන් විරෝධතාවයක් දියත් කර තිබේ. පෙරේදා (7 ) අගහරුවාදා උදෑසන ඔවුන් විරෝධතාවය දියත් කර ඇත්තේ මන්නාරම දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය ඉදිරිපිටදීය. තමන්ට හිමි විය යුතු අතිකාල දීමනා ලබා දෙන ලෙස විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක් දියත් කළ ඔවුන් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ තමන්ට සාමාන්‍ය රාජකාරියට වඩා වැඩි කාලයක් සේවය කිරීමටත් අමතර සේවාවන් සිදු කිරීමටත් සිදුව ඇති බවයි. සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා…
Read More