උපාධිධාරී ගුරුවරියක් දින  50 ළදැරියක් ඝාතනය කරයි.

උපාධිධාරී ගුරුවරියක් දින 50 ළදැරියක් ඝාතනය කරයි.

දින පනහක සිය බිළිදියට තියුණු ආයුධයකින් ගෙලට පහරදි ඝාතනය කර සිය දිවිනසා ගැනීමට උත්සහ කළ බව කියන උපාධිධාරි ගුරුවරියක අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට ඊයේ  (5) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය බිළිදිය ඝාතනය කිරිමෙන් පසුව ගල්නෑව පොලිසියට ගොස් බාරවි ඇති අතර (5දා) රාත්‍රීයේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් එහි ගොස් ඇයව අත්අඩංගුවට ගෙන…

දෙදෙනෙකුට මරු කැඳවු දඩයක්කරු රිමාන්ඩ්

දෙදෙනෙකුට මරු කැඳවු දඩයක්කරු රිමාන්ඩ්

සතුන් මැරීම සදහා බදින තුවක්කු දෙකක් සවිකර විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුට හා ගුවන් හමුදා සෙබළෙකුට දිවි අහිමි කරමින් සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතන සිදුකිරිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දඩයක්කරුවෙකු ලබන මස (6දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු නාලක සංජය ජයසූරිය මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ උට්ටිමඩුව පෙරිමියන්කුලම…

පොලිස් මැදිරියේ සිටින සැමියාට  කුඩු ගෙනා බිරිඳ පොලිස්  දැලේ!

පොලිස් මැදිරියේ සිටින සැමියාට කුඩු ගෙනා බිරිඳ පොලිස් දැලේ!

නීරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිද්දි හෙරොයින් ජාවාරමේ නිරතවූ සැලුන් මාමාව බැලීමට  පොලිස්  සිර මැදිරියට හෙරොයින් රැගෙනා ඔහුගේ බිරිද හෙරොයින් ග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සැකපිට  අද (14දා) අත්අඩංගුවට ගෙන තිබේ. සැලුන් මාමා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහු බැලීමට බිරිද අනුරාධපුර මූලස්ථාන පොලිසියේ…