මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය වෙනස් වෙයි

මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය වෙනස් වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.