ජපානයේ මියාගි ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක්
|

ජපානයේ මියාගි ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක්

ජපානයේ උතුරු දිග ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 7.2 ක භූ චලනයක් සිදුව තිබේ. මේ නිසා මියාගි ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති අතර භූමිකම්පාවෙන් ටික වේලාවකට පසු මීටර් 1 ක් (අඩි 3.2 ක්) දක්වා සුනාමි රළ ගොඩබිමට කඩා වැදුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.