ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32 ක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසනවා. ඔහු කියා සිටියේ එම විකෘතිතා සංඛ්‍යාව ඩෙල්ටා සහ ඇල්ෆා ප්රභේදවල විකෘතිතා සංඛ්‍යාව පවා ඉක්මවා යාමක් බවයි. ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජයේ පැතිර යාම සහ ඉන් පුද්ගලයින්ට සිදුවන බලපෑම පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් සිදුකිරීමට තවමත් දත්ත ප්‍රමාණවත් නොමැති බවයි විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පැවසුවේ.
Read MoreTag: new variant
’ඔමික්‍රෝන්’ නිසා කොරෝනා වසංගතය නිමා වෙයිද?
ජර්මනියේ වසංගත රෝග විශේෂඥයකු වන මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් අපූරු අදහසක් ලොවට ඉදිරිපත් කර ඇත. මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය බිහිවූයේ ‘කොවිඩ් 19’ වසංගතය අවසන් කිරීමට බවය. ඔමික්‍රෝන් නැමැති නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත රෝගීන් හමුවූ රටවල් ගණන 17ක් දක්වා ඉහළ ගොස් ඇත. එංගලන්තය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව, බෙල්ජියම ඇතුළු මෙම රටවල් අතරට එක් වූ නවතම රට ස්පාඤ්ඤය යි. මින් හමුවූ ආසාදිතයා කිසිදු රටකට සංචාරය සඳහා ගොස් නැති අතර කිසිදු විදේශිකයකු ද හමුවී නැත. කොවිඩ් 19 මාතෘ වයිරසය ඔමික්‍රෝන් ලෙස වෙනස් වුණේ වයිරසයේ පැවැත්ම රඳවා ගෙන, එය ආසාදනය වෙන මනුෂ්‍ය අපේත් ජීවිත…
Read More