දේශපාලන නායකයින් අත්අඩංගුවට – රටේ සම්පුර්ණ බලය හමුදාව යටතට

දේශපාලන නායකයින් අත්අඩංගුවට – රටේ සම්පුර්ණ බලය හමුදාව යටතට

මීට සුළු මොහොතකට පෙර අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක්  මියන්මාර හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීම්වලින් පැය කිහිපයකට පසු මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. මියන්මාරයේ ප්‍රධාන නගරවල අන්තර්ජාල සම්බන්ධතා මෙන්ම ඇතැම් දුරකතන සේවාවන්හි ද අවහිර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.