මැතිවරණ ක්රමයේ සංශෝධන රැසක්
පාර්ලිමේන්තු ඡන්ද ක්රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරිම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වන විට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීයවේදීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය. රටේ බහුතරය, පවතින දේශපාලන ක්රමය ප්රතික්ෂේප කරන බැවින් ඔවුන්…