සිරිපා වන්දනාවේ යන අයට එන්නත් කාඩ්පත අනිවාර්යයි

සිරිපා වන්දනාවේ යන අයට එන්නත් කාඩ්පත අනිවාර්යයි

මෙවර සිරිපා වන්දනා සමය වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. අති විශේෂ ගැසට් පත්‍රය අනුව සිරිපා වන්දනාවේ පැමිණෙන බැතිමතුන් කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ කළ බවට තහවුරු කෙරෙන කාඩ්පත හෝ එහි ඡායාපිටපතක් ළඟ තබා ගත යුතුය. එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳිමින් මුඛ ආවරණ පැලඳීම හා දුරස්ථභාවය පවත්වා ගනිමින් වන්දනාවේ…