උයනවා කියන්නේ ජීවිතදුක සුළඟට මුහුකරලා රස කතාවක් ගොතනවා වගේ වැඩක්..!
|

උයනවා කියන්නේ ජීවිතදුක සුළඟට මුහුකරලා රස කතාවක් ගොතනවා වගේ වැඩක්..!

අපේ අම්මා කියන්නේ දුක් ගඟක තාම පාවුණ ගෑනියෙක්. මම හිතන්නේ අපේ ගමේ ඉන්න දුක්ඛිතම ගැහැනිය එයා වෙන්න ඇති..!. හැබැයි කවදාවත් අඬනවා දැකලා නෑ. බොහෝම කලාතුරකින් ඇය කළේ හුස්ම ගැනීම නතර කිරීමට වීරිය ගැනීම විතරයි. ඒ වෙලාවට අපි වටවෙලා ඇයගේ පපුව අතගානවා. සමහර වෙලාවට කපුරු පෙත්තක් මේස හැන්දක තියලා පහන් දැල්ලකට අල්ලලා සුවඳ දියර වුනාම පපුවේ…