කාලගුණයේ වෙනසක්

කාලගුණයේ වෙනසක්

දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාපිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල, මාතර සහ නුවර දිස්ත්‍රික්කවල සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…

“බුරවී” යන්න ගියත් තවමත් අධික වැසි

“බුරවී” යන්න ගියත් තවමත් අධික වැසි

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලට අදත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ , මේ වනවිට ‘බුරවි’ සුළි කුණාටුව පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බවයි. එය දිවයිනෙන් ඉවතට ගමන් කර පිඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.

ප්‍රහාරාත්මක සුළං සමග බුරවි ලංකාවට – නැගෙනහිර සියලු පාසල් වැසෙයි

ප්‍රහාරාත්මක සුළං සමග බුරවි ලංකාවට – නැගෙනහිර සියලු පාසල් වැසෙයි

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවි” සුළි කුණාටුව අද සවස හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර වෙරළින් දිවයිනට ඇතුලු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ සුළි කුණාටුව මඩකලපුව සහ පේදුරුතුඩුව ප්‍රදේශ අතරින් දිවයිනට ඇතුලු විය හැකි බවයි. දැනට එය ත්‍රිකුණාමලයට ගිනිකොන දෙසින් කිලෝමිටර් 330 ක් දුරින් නැගෙනහිරට බරව ස්ථානගත වී තිබේ. සුළි කුණාටුවත්…

බෙංගාල බොක්ක මුහුදේ ඉදිරි පැය 36 තුළ පීඩන අවපාතයක්

බෙංගාල බොක්ක මුහුදේ ඉදිරි පැය 36 තුළ පීඩන අවපාතයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 36 තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල…

නිවාර් උතුරේ හා වය‌ඹේ සුළඟේ වේගය වැඩි කරයි

නිවාර් උතුරේ හා වය‌ඹේ සුළඟේ වේගය වැඩි කරයි

නිවාර් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 12 තුළ උතුරු සහ වයඹ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම මුහුදු ප්‍රදේශවල…

පළාත් දෙකකට රතු නිවේදන

පළාත් දෙකකට රතු නිවේදන

ඉදිරි පැය කිහිපයේ උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 300ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100-150 පමණ තද වැසි ඇති විය හැකි බවද පවසයි. දැනට පවතින වැසි තත්ත්වය, විශේෂයෙන් සිතියමේ සඳහන් කර ඇති වැඩි අවදානම් ප්‍රදේශ…