නිවාර් තමිල්නාඩුවට

weather satellite view

නිවාර් සුළි කුණාටුව ඉන්දියාවේ, ‍තමිල්නාඩු ප්‍රාන්තයට කඩා වැදී තිබේ. ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කළේ, පැයට කිලෝමීටර් 135 ක සුළං වේගයකින් පුදුචේරි සහ තමිල්නාඩු වෙරළ හරහා හමාගිය නිවාර්හි ප්‍රබලත්වය මේ වනවිට දුර්වලව ඇති බවයි. එය ඉදිරි පැය 6 තුළ ඉන්දියාවේ උතුරු සහ වයඹදිග ප්‍රදේශ කරා හමායමින් තවදුරටත් ප්‍රබලත්වයෙන් අඩු වනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් වාර්තා කර ඇත.

Read More

නිවාර් උතුරේ හා වය‌ඹේ සුළඟේ වේගය වැඩි කරයි

Climate change

නිවාර් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 12 තුළ උතුරු සහ වයඹ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 60 – 70 දක්වා වැඩි විය හැකි බවය. නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන්…

Read More