මෙරට ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් ඉහළට

මෙරට ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් ඉහළට

ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් තිදෙනෙකු මෙරටින් හඳුනා ගෙන ඇති බව වෛරස් රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසනවා. මෙම ආසාදිතයින් තිදෙනා විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ. මේ දක්වා හඳුනා ගෙන ඇති ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් සංඛ්‍යාව 07 දෙනෙකු වනවා.