තංගල්ලේ  එක් අයෙකුට කොරෝනා – 28ක් නිරෝධායනයට

covid infections today

තංගල්ලේ පිහිටි සංචාරක හෝටලයක රියදුරෙකුට කොවිඩ් 19 ආසාධනය වීමත් සමග එම හෝටලයේ සේවය කළ 28 දෙනෙකු අද (03) දහවල් සිට හෝටලය තුළම නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

කොවිඩ් ආසාධනය වු සේවකයා පසු ගිය 12 වැනි දින පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළද පොළට ගොස් තිබු බවත් පසුව ඔහු තම කැමැත්තෙන්ම  ඉකුත් 30 වැනි දින පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර ගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.එම පී.සී.ආර්. පරීක්ෂණයෙන් හෝටල් සේවකයා කොවිඩ් 19 ආසාධිතයෙකු බවට තහවුරු වී තිබිණි.

කොවිඩ් ආසාධනය වු හෝටල් සේවකයා  කොවිඩ් ආසාධිතයින්ට ප්‍රතිකාර කරනු ලබන හම්බන්තොට පැරැණි රෝහල වෙත ගෙන ගිය බව සෞඛ්‍ය අංශ පවසයි.එමෙන්ම හෝටලයේ සේවකයින් 28 දෙනෙකු නිරෝධායනයට ලක් කළ බවත් සෞඛ්‍ය අංශ පවසයි.

චන්ද්‍රසේන ගමගේ

Related posts