කොවිඩ් ආසාදිත සෞඛ්‍ය සේවයේ පළමු මරණය වාර්තා වෙයි

කොවිඩ් 19 ආසාදනය වී ප්‍රථම ලංකාවේ ප්‍රථම වරට සෞඛ්‍ය සේවකයෙක් මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ රත්නපුර, දොලුවාවිල පදිංචි ශාන්ත ස්ටීවන් නැමැති අයෙකි. මොහු රත්නපුර රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයෙකි. එමෙන්ම වැඩ බලන විදුලි සෝපානකරුවෙකි.

හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇත.

මිය ගිය අවස්ථාවේ කොවිඩ් 19 පරික්ෂාව සිදු කළ විට එය පොසිටිව් වි ඇති බවත්, නමුත් මොහු වැටි මොළයේ ලේ ගැලිමක් සිදුව ඇති බවත් වාර්තා වෙන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටියි.

අද අවන විට රෝහල් පොකුරු බිහි වෙමින් පවතින අතර කොළඹ ජාතික රෝහල, මහනුර රෝහල, කේතුමතී රෝහල, ගම්පහ ඇතැම් රෝහල් ඒ් අතර වන බවද ඔහු පවසයි.

ආසන්නතම රෝහල් පොකුරක් වාර්තා වුයේ රත්නපුර රෝහලේ බවත් මේ වන විට එහි වාට්ටු තුනක් වසා දමා ඇතැයිද හෙතෙම කියා සිටියි.

Related posts