නව පත් කිරීම ගැන හිටපු ක‍්‍රිකට් සභාපති සතුටින්

අරවින්ද සිල්වාගේ නායකත්වයෙන් යුතුව ක‍්‍රීඩාවෙන් සාර්ථක මහත්වරුන් ක‍්‍රිකට් තාක්ෂණික කමිටුවට තෝරා පත් කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල සුබපැතුම් එක්කර තිබෙනවා. ඒ ට්විටර් සටහනක් තබමින්.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින්  පත් කරනු ලැබුවා.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ක‍්‍රීඩකයෙකු වන අරවින්ද ද සිල්වා කටයුතු කරන අතර සෙසු සාමාජිකයින් වන්නේ රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාරයි.

එම කමිටුවේ මූලික කාර්යභාරය වනුයේ ක්‍රීඩා අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු පිළිබඳව උපදෙස් ලබා දීමයි.

 

Related posts