වැඩිහිටි නිවාසයේ සීයලාගේ විහිළුව මරණයෙන් කෙළවර වෙයි

death
මතුගම, වෑත්තෑව ප්‍රදේශයේ  පිහිටි වැඩිහිටි නිවාසයක පුද්ගලයෙකුට ඊයේ(15) පිහියකින් ඇන මරා ඇතැයි  මතුගම පොලීසීය කියයි.

මෙම වැඩිහිටි නිවාසයේ නේවාසික  වැඩිහිටියන් දෙදෙනෙකු අතර සිදුවු විහිළුවක් දුර  දිග යාමෙන් කෝපයට පත් වැඩිහිටියෙකුගේ පිහිපාරට ලක්ව මෙසේ මරණයට පත්ව ඇත්තේ රියෙන්සි වීරවර්ධන නැමති  77 හැවිරිදි අයෙකි.

පිහිඇණුම සිදුකළ එම වැඩිහිටි නිවාසයේම  වැඩිහිට අයෙකු අත් අඩංගුවට ගත් බව සිදධිය පිළබද පරීක්ෂණ පවත්වන මතුගම පොලීසීය කියයි.

⁣සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න
Please follow and like us:

Related posts