කලුගල මාර්ග බාධකයෙන් හමුවන කොවිඩ් ආසාදිතයන් වැඩි වෙයි

coronavirus news

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකය අසල සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂනවලින් හමුවන කොවිඩ් ආසාදිතයන් 95ක් ලෙස වැඩි විමත් සමග එම ස්ථානයේ දිනකට සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් වැඩි කිරිමට පියවර ගෙන ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු කාමදේවන් මහතා පවසන ලද්දේ පසුගිය දිනවල කලුගලදි දිනකට අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් පනහක් (50) සිදු කල බවත් එසේ කරන ලද පි. සි. ආර්. පරික්ෂනවලදි පසු ගිය මාසයක පමන කාලයක් තුලදි කොවිඩ් ආසාදිතයන් 95 දෙනකු හදුනා ගැනිමට හැකිවු බවත්ය.

එම තත්වයන් මත ඉදිරියේදි මෙම ස්ථානයේ දිනකට සිදුකරන අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් 65ක් දක්වා වැඩි කිරිමට පියවර ගන්නා බවද ඔහු පවසන ලදි.

මෙම ස්ථානයේ සිදුකරන පි. සි. ආර්. පරික්ෂනවලදි හමුවු කොවිඩ් ආසාදිතයන් වැඩිම පිරිසක් බස්නාහිර පලාතේ විවිධ ප්‍රදේශවල සිට මෙම ප්‍රදේශයට පැමිනි පිරිස් බවත් මෙසේ හමුවු කොවිඩ් ආසාදිතයන්ගේ ලගම ආශ්‍රිතයන්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද කාමදේවන් මහතා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts