අන්දුගොඩ කෝදාගොඩ මාලිගනැත්නේ අභිරහස් කතාන්දරය

අන්දුගොඩ පුරාණ රාජමහා විහාරස්ථානය අසල පිහිටා ඇති මහා කන්දේ කෝදාගොඩ අන්දුගොඩ ගම්මාන යා කරමින් මාලිග තැන්න්නේ,මාලිගාවක් තිබී ඇති බව,අන්දුගොඩ,ඇල්ලලගොඩ,කෝදාගොඩ ගම්මානවල ජීවත්වන ජනතාව අදට ද පවසනුයේ මහත් අභිමානයිනි.

මාලිග තැන්නේ කන්ද පාමුල පිහිටා ඇති,විස්මිත පොකුණකි. පොකුණට අරක්ගත් බහිරවයෝ රන් බන්දේසියක තබාගෙන පොකුණේ පහළ අඩියේ යට සිට ජල මට්ටමට ගෙන එන මේ දැවන්ත සෙම්ඹුවක් ද දැකිය හැකි යැයි ගම්මානයේ වෙසෙන ජනතාව ඒ බියසුනු කතාන්දරය ද අපට කීවේ බියමුසු වු තැති ගත් ආකාරටය.

ධාපුළුන් රජතුමා මාලිගයක තැන්න නම්වු ස්ථානයේ රජුගේ මාලිගාව තිබු ස්ථානය අදට ද මාලිග තැන්න නම්න් හැදින්වේ.මාලිගාවක යම් යම් කොටස් මෙහි තවමත් දැකිය හැකිය.ඒ අසල අභිරස් උමං ද මෙහි දැකිය හැකිය.ඒ අසලම පිහිටියේ කොඩි ගහ කන්දයි. මෙය රජුගේ ජය ග්‍රහන සමරන්නට මේ ස්ථානයට එම නිම යොදා ඇතැයි ගම්වාසිහු පවසති.

ඒ කන්දම අසල පහල මළුව පුරාණ විහාරස්ථානය පිහිටා ඇත.මේ විහාරය සම්බන්ධයෙන් විහාර හස්නේ සඳහන් වන්නේ බෝධිමළු විහාරය නමිනි.රාජමාලකාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරි වලස්මුල්ලේ සුධීර හිමියෝ පැවසුහ.

රජුගේ කුමාරිකාවන් තිස් පස් දෙනෙකු කපාකොටා මරා මහා නිධානයක් මෙහි වළ දමා එයට උඩින් මේ කුමාරිකාවන්ගේ සිරුරු තැම්පත් කර ඇති බවට ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.ඔවුන් බහිරවයන් වී මේ විහාරස්ථානය මහා පත්තිනි දේවාලය හා මහා නිධානය හා වස්තුව ආරක්ෂාකරන බවද පවසනවා.

මේ විහාරයේ රාත්‍රියේ දී මහා අත්භූත සිදුවිමි සිදුවන බවත් විහාරස්ථානයට හොර සතුරෙක් පැමිණිය හොත් සිදුවන දේ පවා සිතාගත නොහැකියි.

විහාරස්ථානයේ මහා නා ගස් වලට මෙන්ම නිධානය ඇතැයි කියන නා කොටුව නැමැති ස්ථානය සුරක්ෂිත කරන යක්ෂ,භූත,කුම් භාණ්ඩ,පිසාචක,බහිරවයන් සමුහකි. අදුෂ්‍යමාන පිරිසක් මෙම විහාරය,පත්තිනි දේවාලය,හා අපට ගම්මාන මාලිග තැන්ද,මහා පොකුණද සුරක්ෂිත කරන බව ගැමියෝ පැවසුහ.

අභූත සබ්ධ මහා අලෝක රටා හා රාත්‍රියේ දී ඇවිදින බව කියන මහා භූත ආත්මයෝ නිසා විහාරස්ථානය මහා විස්මිත වු පිං කෙතකි.

නොයෙක් රෝග උපද්‍රව ඇති වී විහාරයට දේවාල පියසට එන සමහර රෝගි පිරිස් පවා විහාරස්ථානයේ නා ගස් බෝ ගස්,සල් ගස් සෙවන සිසිළ තුළ විවේකීව සිට බුදුන් දෙවියන් වැද ගිය ගල්හි රෝගි පුද්ගලයන් සුවපත්වන බව ද බෝධිමළු විහාරයේ විහාරාධිකාරි වලස්මුල්ලේ සුධීර හිමියෝ අප සමඟ පැවසුහ.

මාලිගතැන්න රාජ මාලිගය තිබු ස්ථානයේ අවට මහා පුරවරයක් බදු වු ගොඩනැගිලි සමුහයක් තිබු බවට අදටද සාක්ෂි ඇත.

මේ අවට විශාල උමං රැසක් ඇතැ යි,ද කියති. හදුනාගෙන ඇති උමං රැසක් දැනටද දැකිය හැකි අතර කිසිදු පුරාවිද්‍යාමක ඇස ගැටිමකට ලක් නොවු උමං රැසක්ද මෙහි දැකිය හැකිය.මෙහිද නිධන් ඇතැයි ගමේ වැඩිහිටියෝ පැවසුහ.

ගමේ රජු දිය නාන ලද ජල පොකුණක් තිබෙනවා.මෙහි නටඹුන් තවමත් දැකිය හැකිය.කිසිදු නියඟයක දී දිය නොසිදෙන මේ අරුම පුදුම පොකුණ සම්බන්ධයෙන් ජනතාව විස්මිත වූ කතාන්දර රැසක් ජනප්‍රවාදයේ ඇතැයි කියති. මෙම ජල පොකුණ එදවස මහා විශාල පොකුණක් වුවද අද දැකිය හැක්කේ කුඩාවටය.

මෙම පොකුණෙන් කෝදාගොඩ,අන්දුගොඩ,අල්ලලගොඩ ජඹුරේගොඩ කුඹුරු යාය රජු ගොවියෝ ලවා අස්වැද් දු බවට ගැමියේ අදටත් පවසති.මේ ගම් වැසියෝ අදටද ප්‍රධාන ජීවනෝපාය වන්නේ වී ගොවිතැනයි.

මෙම පොකුණට අරක්ගත් බහිරවයන් පොකුණ ආරක්ෂා කරන්නේ රජුගේ නියමය මතය. ඒ අනුව, නිදියන ඇඳකට සමානු වු රත්තරං පෙට්ටියක් හෝ යකඩ පෙට්ටියක් හෝ මෙම පොකුණේ තිබෙන බව ජනතාව පවසති.

එම පෙට්ටියේ මැණික් රත්තරං ආදි මහා ධනයක් සඟවා ඇති බවට ජනප්‍රවාදයේ සඳහන් බව අදටත් ගමේ ගැමියෝ පවසන්නේ බියමුසු වු ඉරියව් වලිනි.

බෝධිමළු විහාරයේ විහාරාධිකාරි වලස්මුල්ලේ සුධීර හිමියෝ මෙසේ පැවසුහ.

අප මේ විහාරස්ථානය මුලින්ම සකස්කර තියෙන්නේ දේවාලයක් වශයෙන්. පසුව තමයි විහාරස්ථානයක් වශයෙන් පත්ව තියෙන්නේ. දෙවුන්දර දේවාලය සකස් කරන්න පෙර මේ දේවාලය ඉදි වුවා යැයි විහාරස්ථායේ වැඩ විසූ නායක හිමිවරු අප සමඟ පවසා තියනවා.මහා පත්තිනි දේවාලයක් ලෙසයි පවත්වාගෙන ගොස් තියෙන්නේ.

නා ගස් වසර දහසකට අධික කලයක් පැවති නා ගස් සමුහයකි.මේ නා ගස් විහාරස්ථානය පුරා තියනවා.සල් ගස් ද දැකිය හැකියි.ගල් කුලුණු,ගල් පහන්, පැරණි උළුකට හා කිරි ගරුඩ පිලිම වහන්සේලා,පරණි කාසි හා තවත් දේවල් පැරනි සෙල් ලිපි ද මෙහි තිබෙනවා.

කෝදාගොඩ ප්‍රදේශයේ රජකළ බව කියන ධාපුළුන් රජතුමා පළමුව ඇඳ හූ දෙවාලය තමයි පසුව අපේ මේ රජමහා විහාරය පන්සල් බවට පත්ව තියෙන්නේ.නිරතුරුවම උදේ සවස තම රාජ කුමාරියන් සමඟ ධාපුළුන් රජතුමා දේවාලයට එන සිරිතක් වී තියනවා.

අපේ විහරස්ථානයේ ඇති පත්තිනි දේවාලය ඒ කාලයේ ද අද වාගේම මහා හාස්කම් ඇති ස්ථානයක් වශයෙන් අදටත් දැකගත හැකියි.

රජුමිය ගිය පසුව,තමයි විහාරස්ථානයක් වශයෙන් සකස් කර තියෙන්නේ. රජුගේ සියලුම ධනය හා වස්තුව,රන් ආභරණ හා බිසොවරුන්ගේ රන් රිති ආභරණ හා සියලුම ධනය හා වස්තුව මෙහි වළ දමා තියනවා. ඒ මතයි නා කොටු කියන ස්ථානය සකස් කර පත්තිනි දෙවියන්ට දේව මෑණියන්ට පූජාකර තියෙන්නේ.

මෙම ස්ථානයේ සකස් කරනු ලද මහා වළක යටිත් මුතු වු මහා ගළුගලක් මත, ඒ ගල යට බිසිවරුනගේ හා රජුගේ සියලුම ධනය හා වස්තුව,ආභරණ වළ දමා ඒ ගල උඩ සිය කැමැත්නේන්ම එම මහා ගල් පොත්ත මත රාජකුමාරිකාවන් තිස් පස්දෙනෙක් දිවි නහගෙන තියනවා.

ඒපත්තිනි දෙවියන්ට භාරයක් වන්නට හා මෙහි ආරක්ෂාවට කියා පොත පතෙහි සඳහන් වෙනවා.කුමාරිකාවන් දිවි පිදු ධනය හා වස්තුව තැම්පත් කළ ස්ථානය පසුව එය කොටුවක් ආකාරයට සකස් කර කල්කණු යොදා ආරක්ෂාකාරි ආකාරයට සකස් කර තියනවා. මෙය තමයි නා කොටුව කියන්නේ.

විහාරස්ථානය පුරා ඇති මහා ගස් වල වයස කියන්නට නොහැකි තරම් මහා විශාලයි අතු පතර විහිදි ඇති නාගස් හා සල් ගස් ද සමුහයක් තියනවා. මේවා මහා හාස්කම් තියනවා.පුරාවිද්‍යාවේ මහත්වරු නම් කියන්නේ අවුරුදු දහසකටත් (1000) වඩා පැරණිය කියලා.මෙම නා කොටුව අසල චෛත්‍යයක් තිබි ඇති බවට සාධක තියනවා.

එක දවසක් රජු බලා සිටිය දීම චෛත්‍ය පොළවට ගිල ගත් බව කියනවා ජනප්‍රවාදයේ සඳහන් පරිදි එම චෛත්‍යයේ කොත් කැරැල්ල දක්වාම මේ චෛත්‍ය ගිලා බැස තියනවාලු.රජු මේ නිසා විස්මයට පත්වු බව සඳහන් වෙනවා.

ගමේ නම එනම් කෝදාගොඩ සැදි ඇති ආකාරය ද පුදුම සහගතයි. මේ මාලිග තැන්න මාලිගාව අවට ඇති ස්ථාන ගම් නම් ග්‍රාමනාම සියල්ලම මාලිගය හා විහාරස්ථානය මුලික කරගෙන තමයි සකස් කර හැදි ලා නම් කරලා තියෙන්නේ. කෝ දා ගැඹ නැතිනම් කෝ ධාතූ පසුව කෝ…දා‍…ගොඩ …තමයි පසු ව කෝදාගොඩ බවට පත්ව ඇති බව ජනවහරේ තියෙන්නේ. විහාරස්ථානයට ගෙන එන ලද ධාතුන් වහන්සේලා නමවල් කිහිපයක් එක්වරම අතුරුදන් වූ නිසා මේ නම මේ ගමට වර නගන්න ඇතැයි කෝදාගොඩ ගමේ අදටද ජීවත්වන  පිංවතුන් පවා කියනවා.

රජුට අයත් ඇතුන් ගාල් කළ ස්ථානය මේ අසලයි අදටත් තියෙන්නේ. එය ඇත්ගන්දර නැති නම් ඇත්ගන්දර වත්ත නමින් දැකිය හැකියි. අදටත්ය ඒ ආකාරයෙන්ම තියනවා.එහි සිට පොලව යටින් අලි ඇතුන් භූගත උමං හරහා  මාලිගාවට ගෙනා බව ට සාක්ෂි තියනවා.

අදටත් මේ කදුවල අභිරහස් උමං තිබෙනවා.මේ අසල පොකුණ වත්ත කියා පොකුණක් තියනවා මෙය රජුගේ බිසවරු දිය නෑ ස්ථානය වේ. මෙහි යම් යම් අභිරහස් කතාන්දර රැසක්ද තියනවා.

මේ පන්සල අසලම තවත් පැත්තක දං ගමුව වත්ත තියනවා. රජු හා දේවින් වහන්සේලා ආහාර ගත්තා වු ස්ථානය තමයි මේ ආකාරයට දං ගමුව වශයෙන් නම් කර තියෙන්නේ.පන්සල අසල මෙහි තවත් පැත්තක අං පිටිය කියා ස්ථානයක් අදටත් තියනවා. මෙහි අං කෙළිය සිදුකළ ස්ථානය වෙනවා. රජුගේ අනුග්‍රහය ඇතිව මේ ගැමි ක්‍රීඩා, ජන ක්‍රීඩා, ආගමික වතාවත්, දේව පුජාවන් ද සිදුකළ ස්ථානය මේ ස්ථානය බවයි අදටත් ගැමියන් කියන්නේ.

විහාරස්ථානයේ එක යායට එක රෑනට පිහිටා ඇති නා ගස් වල විවිධ හැඩ තල දැකිය හැකිය.එහි බිය ජනක බවක්ද ? දැකිය හැකියි. පත්තිනි දෙවියන්ට ප්‍රජා පූජා කරන්නට ගෙන ආ විවිධ වස්තු නා ගස් වල ඇති ගස් බෙන්වල සඟවා තියනවා. පත්තිනි දෙවියන්ට විවිධ ආභරණ තම්පත් කර පුජා කරන්නට පැමිණි පිරිස මෙසේ ගස් වල වස්තුව සඟවා තියනවා. මේ ගස් වල විවිධ හැඩ තල ඇති වී අත්තේ ඒ විවිධ තැම්පතු නිසයි. නා ගස්වල විවිධ ස්ථානවල විවිධ වු ආකාරයට විවිධ වු ප්‍රමාණයට ගස්වල මුල්වල ගස්වල කඳන්වල විවිධ නෙරාගිය විස්මිත ස්ථාන රැසක් තියන නිසා මෙය පිළිගත හැකියි.

ආර්. ජෝන් (87)මහතා.

හෙතෙම ගමේ ඉතිහාසය රාජමාලිගය ගැන, මැලිග තැන්න,කොඩි ගහ නැත්න, කොඩි ගහ ගැන,කොඩිගහ තැන්නේ නලාව ගැන,මැණිකක් අරගෙන,මලිගාව ට අයත් ගම්,මාලිගය,පොකුණ පන්සල ආරක්ෂා කරන මහා සුදු නාගයෙක් පිළිබඳවත් අභිරහස් පොකුණ හා මළුව පන්සල ගැන අපට පැවසු දේ වල් නිසා අප යම් බියක්ද සිතට දැනුණි. ඒ කතාන්දර අසත්ම, අප තව නිමේෂයකින් අප බියපත් වී තවත් ඉසව්වකට කැන්දාගෙන යන්නට වුණි.

මහ පුදුම ගමක් තමයි මේක.මට දරුවන් 08 ක් ඉන්නවා.අපේ ආත්තලා මුත්තලා මේ ගම මේ මාලිගාව හා මේ පොකුණ වාගේම මේ පන්සල ගැන විවිධ කතා කියනවා දොඩනවා මම අහලා තියනවා.ඒවා මගේ අප්පොච්චා මටත් දොඩලා කියලා තියනවා.මගේ ලොකු අයියා ඔය පොකුණ පෙනෙන ස්ථානයේ තමයි ඉන්නේ අපි ගොවිතැන් බත් කරලා තමයි මේ සියල්ලම කළේ එදත් එහෙමයි අදත් එහෙමයි.ගමේ වැඩි දෙනෙක්ද ගොවියෝ එහෙමයි.

පානදුරාවාදය ලියු බුලත්ගම හාමුදුරවෝත් මළුව පන්සලේ මුලින්ම වැඩ හිටියා. ඒ කාලයේ යුද්ධ කාලයේ නේ.ඒ නිසා කොග්ගල කතළුවේ ඉදලා උන්වහන්සේ මේ ගමට ආවා ආරක්ෂාවට විහාරස්ථානයේ දහම් පොත පත ආරක්ෂා කරන්න ඒවත් අරැගෙන මෙහෙ ඇවිත් තියනවා.ඔය කියන මාලිගය තිබුණා කියන්නේ මේ අර තියන කන්දේ තමයි.ඒ කට කියන්නේ මාලිඟ තැන්න කන්ද කියාලා. මාලිගයේ පොලව යටින් උමං තියනවා.සමහර උමං තවමත් හොයා ගෙන නෑ.නිධන් අරහෙ මෙහෙ තියනවා කියනවා.

සුදු නාගයෙක් තමයි මේ ගම ම ආරක්ෂා කරන්නේ මේ නාගයාගෙන් කිසි දවසකට කිසි කෙනෙකුට අනතුරක් නෑ.හැබැයි පුතෝ පන්සලට විහාරයට දේවාලයට යම් අකටයුත්තක් කළ හොත් වැඩ වරදිනවා.මැරෙන්නේ කොහමෙද කියාල උන්නැහේවත් දන්නේ නෑ.මහා නිල් මැණිකක් අරගෙන ඉන්න මහා සුදු නාගයා පන්සල් වත්තේ වැඩිපුරම ඉන්නේ.රෑ තමා ඒ සතා ගමන් කරන්නේ.

හැබැයි, පන්සල් වත්තේ දැක්ක නායා පොකුණ ගාවත් ඉන්නවා.මාලිගය අසලත් කොඩි ගහ කන්ද, දේවාලය අසලත් ඉන්නවා. කවුරු බැලුවත් හැම තැනම සුදු නයා ඉන්නවා. මේක තමයි පුදුම සහගත බව මේයාගෙන් කරදරයක් ජනතාවට ගමට නෑ. ගම්මානයේ ජනතාවද මේ සතාට හිරි හැරයක් නෑ. මේයා අපේ ආරක්ෂකයා කියලා අපේ ආත්තලා මුත්තලා කියන්නේ දොඩන්නේ. මහා නා ගස් සල් ගස් අපි ගැටයා සන්දියේත් ඔය වාගේම විශාලයි. අද වෙනකම් මේ දක්වාම එය මහා කැලයක් වාගේ පන්සල දේවාලය ගමම ආරක්ෂා කරනවා සිසිල දෙනවා.

පන්සලේ දේවාලයේ කොතරම් සෙනඟ සිටියත් නාගස් අත්තක් ඉත්තක් කඩා වැටුනත් කිසිවෙකුටත් හානියක් සිදුවන්නේ නෑ. ඒ අතු ඉති මහා විශාලව බිමිට ඇඳ වැටුනත් පන්සලේ පිං බිමේ සිටින ඇත්තෝ බේරලා තමයි වැටෙන්නේ කරදයක් නෑ.

ඒ කලයේ අපි මේ දේවාලයට අද වාගේම කිරිපිඩු දානය දුන්නා ගොයම් කපාලා ඉවර උනාම.ඒ අලුත් සහල් වලින් තමයි කිරිබත් එහෙම හදලා. කිරි හදලා දේව දානය දෙන්නේ ගමේ ගම්මමාන අතර පැත්තේම කුඹුරුනේ. ඒ නිසා ගමම සරු සාරයි. වාසනාවයි.

මළුවේ පන්සලේ ධාතූ ගොඩක් වන්දනා මාන කර ගන්නට තැම්පත්කර තියනවා.අපේ කිරි අත්තගේ කාලයේ ඒ කාලයේ ඒ ධාතූ අතුරුදන්ව තියනවා. ඒ නිසා …කෝ… ධාතූ…. ගොඩ….. කියන නමින් තමයි කෝදාගොඩ අපේ ගම ට නම හැදුනා කියලා අපේ කිරි අත්තා කියාලා තිබුනාය කියාලා අපේ අප්පොච්චලා දෙඩනවා කියනවා මට ඇහිලා තියනවා.පොකුණට බහන්න තිබුණු තැන අදටත් මගුල් කරද ගහක් තියනවා. එතනින් පඩි පෙළවල් දෙක තුනක්ම තියනවා. පොකුණට බහින තැන මම දන්නවා. මම දැකලා තියනවා.

මේ ගමේ දං ගමුව කියලා තැනක් තියනවා.මේය අදටත් තියනවා. ඒ කියන්නේ, වරද කරවුන්ට දඩුවම් දීපු මරා දමපු ස්ථානය අපේ ගමේ තියනවා. ඒ තැන තමයි දං ගමුව කියන්නේ.රජු හා බිසවරු ආහාර ගත් ස්ථානය කියාලා ද කියනවා.

ගමේ ආන් අතන තියනවා කියලා කියනවා දොඩනවා ඒ කලයේ පහනක්.එතනට කියන්නේ, මා පාන කියාලා.රජ කාලයේ ද ඒ පහන තමයි ගමේම ප්‍රදේශයේම ආලෝකය ලබා දුන්නේ මේ පහන පැය විසි හතරේම දැල්වුනාය කියලා අපේ කිරි අත්තා කියනවා දොඩනවා කියාලා අපේ අප්පොච්චා කියනවා මම අහාලා තියනවා.අපේ ගමට අල්ලපු ගම තමයි ඇල්ලලගොඩ වරද කළ පිරිස් මැරූ ස්ථානය වුයේ අල්ලලගොඩයි. එම ගම අද ද තියනවා. දැන් ග්‍රාම නිලධාරි කොට්ඨාසයක් අල්ලලගොඩ කියන්නේ.

මළුව පන්සලේ පන්සල් වත්තේ වටේටම ඒ කාලයේ මහා කටු ඉඹුල් ගස් තිබුනා.අද නම් ඒව්වා දකින්නට බෑ. හතර පස් දෙනෙක් එක්කවත් මේ ගස් බඳන්න යන්න බෑ. ඒ තරම්ම විශාලයි. මහතයි. ඔය පන්සලේ තියන නා ගස් ද මහා විශාලයි. ඒ ඇත්තොද බදන්න තියා හිතන්නත් අමාරුයි.ඒ තරම්ම ගස් විලායි. මම හිතන්නේ අවුරුදු දාහකටත් පැරණි ගස් සමහර නා ගස් ගස් නොවෙයි නා ගස් කැලෑවල් වාගේයි මහ රූස්ස ගස්නේ. මම ගැටයා සන්දියේත් ඔය ගස් ඔය වාගේ තමයි තිබුනේ. අපේ ලොකු අයියා උන්දෑ පන්සල පිළිබඳව මටත් වඩා කරුණු කරනා දන්නවා.

ඌරූමුත්තේ පියදාස මහතා (66)

ඔය පොකුණේ තමයි රජතුමාගේ බිසවුරු නෑවාය කියන්නේ.රන් සෙම්බුවක්,රන් බේසමක්, රන් කඩුවක් එහෙම මේ පොකුණේ හංගලා කියාලා තමයි කියන්නේ.ඔය කතාව මගේ අප්පොච්චාට කියා දොඩා තියෙන්නේ තාත්තාගේ තාත්තා එක්ක කියලා මට තාත්තා කියා තිබෙනවා.

ඩී.ඒ මහතුන් රණසිංහ මහතා (63)

රජතුමා හිටි මාලිග තැන්නේ සිට අනෙක් උස කන්දේ තමයි ගොඩි ගහක් තිබුනේ. ඒ කලයේ අපි ඒව්වා දැකලා තියනවා කොඩි තිබුණු තැන දිගටම දිග ගහක් තිබුනා.කණුවක් වාගේ මේකේ තමයි කොඩි ඔසවලා තියෙන්නේ ඇත්තේ කියාලා කියනවානේ.මුහුදේ යන නැව්වලට ශංඥාවක් දෙන්න හැදුවාය කියාලා තමයි අපේ තාත්තලා කියන්නේ දෙඩන්නේ.මෙය අදටද දැකිය හැකියි. ඒ තැනම නලාවක්ද,තිබුනා කියනවා කියාලා දෙඩනවා.පොකුණ වත්තේ පොකුණේ සමහර දවසට කෙම්පුර දවසට රෑට මහා ශබ්ධයක් එනවාය කියලා දොඩනවාය කියන්නේ.කන් බීරි කරවන ශබ්දයක් කියාලා තමයි අපේ තාත්තලා දොඩන්නේ කියන්නේ.ඒ ශබ්දයට බිය වෙලා ගමේ ඒ කාලයේ ගැහැණු දුවපු දවස් ද තිබුනා අපේ මහ උන්දැලා දොඩනවා මට තවම මතකයි.

උපුල් විරරත්න මහතා (49)

යකඩ පෙට්ටියක්,රත්තරං බන්දේසියක්,රන් සෙම්ඹුවක් ද මෙහි මතු වෙනවාය කියාලා කියනවානේ.මේක රජු සැඟ වු නිධානයක් කියාලා කියනවා. රජතුමාගේ නිධානයෙන් කොටස් කොටස් එක් එක් තැනක නිධන් කරාලා තියනවා.පොකුණේ ද නිධන් කර තියනවාය කියාලා තමයි ජනප්‍රවාදයේ කියන්නේ.

සුසන්ත රත්නවීර මහතා (45)

මාලිග තැන්න පිහිටි ස්ථානයේ මහා ගල් පර්වත තියනවා. ගල් කුලුණු තියනවා. මේවායේ විවිධ සලකුණු ශංඥා තියනවා. ඊතල ගසා තියනවා. මලිග තැන්නේ අභිරස් හතු. හතු මත ඇති බැව් කියන රං කාසි කතාවක්ද තියනවා. පැන්තාලිය කියාලා තැනක් තියනවා. එය අද පාංචාලිය කියාලා තමයි දොඩන්නේ කියන්නේ. පහනේ ආලෝකය වැටුණු ස්ථානය පැන්තාලිය වු වා කියාලා කියනවා. රජු විසින් ඒ මේ දිසාවලට යන ජනතාවට පානිය ජලය සකස් කර තිබූ පැන් තාලියක් නිසා පාංචාලිය වුවා කියාලා ද සමහරු කියනවා දොඩනවා.

ප්‍රභාත් කෝදාගොඩ මහතා (34)

මලල්ගොඩපිටිය අසල විහාරස්ථාන භූමියේ උමඟක් තියනවා.ඒ මදිවාට ගලදෙනි කන්දේ ද පහළ දික්කුඹුර පාසලේ පැතේ කන්ද පැත්තේ ද මහා උමඟක් තියනවා.

දයාසේන අබේසුන්දර මහතා (68)

අන්දුගොඩ ඇත්තඩිහේන,අන්දුගොඩ පුරාණ විහාරස්ථානය අසල කන්දේ පිහිටා ඇති මහා උමඟ,කොටිගල ගල,ගලදෙනි කන්දේ රජගල, ද මේ සියල්ලම කෝදාගොඩ ගමට,විහාරයට,මාලිගාවට එකිනෙක යම් සම්බන්ධයක් තියනවා.

සටහන ඩ්‍රෝන කැමරා ඡායාරූප – බෝගහගොඩ : ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

Please follow and like us:

Related posts